Home අද අල්ලපු වත්තට පනින්න කලින් විනාඩි 5කින් රිලව්, මොණරු, දඬු ලේන්නු ගනින්න –...

අල්ලපු වත්තට පනින්න කලින් විනාඩි 5කින් රිලව්, මොණරු, දඬු ලේන්නු ගනින්න – නාමල්

3
0

රිලවා, දඬුලේනා සහ මොණරා යන සත්ව විශේෂ සංඝණනය කිරීම සඳහා මාර්තු 15 වැනිදා විශේෂයෙන් වෙන්කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ සඳහා ග්‍රාම නිලධාරී වසම් වල සිටින සියලුම නිලධාරීන් සහභාගී වන බවත් ඔවුන් හරහා ජනතාව දැනුවත් කර විනාඩි 5ක් ඇතුළත තම වත්තේ හෝ වගාබිමේ සිටින රිලව්, දඬුලේනුන් සහ මොණරුන් මෙන්ම අනෙකුත් සත්ව විශේෂ ගණන් කලයුතු බවට නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

යම්කිසි හෙයකින් අසල්වැසි වත්තේ කිසිවකු නොමැතිනම් එහිද මෙම ගණනය කිරීම සිදුකළ යුතු බවත් විනාඩි 5ක කාලයක් පමණක් මේ සඳහා ගතකලයුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

එලෙස විනාඩි 5ක් පමණක් ලබාදෙනුයේ නැතහොත් සතුන් එක ස්ථානයක සිට තවත් ස්ථානයකට යාමට ඉඩ ඇති බැවින් බවද ඔහු සඳහන් කරනවා.

Previous articleදේශබන්දු තෙන්නකෝන්ට විදෙස් ගමන් තහනමක් : හැංගිලා කියා වටගල කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here