Home අද 2030 දී ත්‍රිවිධ හමුදාව සීමා කරන හැටි ජනපති දත්ත සමඟ කියයි :...

2030 දී ත්‍රිවිධ හමුදාව සීමා කරන හැටි ජනපති දත්ත සමඟ කියයි : විපක්ෂයටත් කුඩු වෙන්න ගහයි !

4
0

2030 වසර වන විට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ප්‍රමාණය සුවිශේෂී ලෙස අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ඒ අනුව යුද හමුදාව ලක්ෂයක් දක්වාත් , ගුවන් හමුදාව 18000ක් සහ නාවික හමුදාව 40000ක් දක්වා සීමාවකට ගෙනෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ අද (28) දින පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

තාක්ෂණික වශයෙන් උසස් හමුදාවක් බවට මෙරට හමුදාව පරිවර්තනය කිරීම සඳහා කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය .

ජාතික ආරක්ෂාව , ආණ්ඩුව අභ්‍යන්තර අර්බුදයක් හෝ ආර්ථික අර්බුදයක් යන කවර ආකාරයකටවත් වත්මන් ආණ්ඩුව පෙරළීමට ඉඩ නොදෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක එවැනි දෙයක් අපේක්ෂා නොකරන ලෙසද විපක්ෂයට අවධාරණය කළේය .

පාතාලය පසුගිය ආණ්ඩු ව්සින් නඩත්තු කළ නමුත් වත්මන් ආණ්ඩුව එය අවසන් කරන බවද ජනපතිවරයා සඳහන් කර සිටියේ ය.

Previous articleදේශබන්දු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here