Home අද වෙඩිවැදී දැරියක් මරුට – කාන්තාවකටත් තුවාල

වෙඩිවැදී දැරියක් මරුට – කාන්තාවකටත් තුවාල

23
0

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රි කාලයේදී වෙඩිවැදී රෝහල්ගත කළ දැරියක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ කාන්තාවක් සහ දැරියක් වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස දැරිය මියගොස් ඇති බවය.

හෙට්ටිපොල පොලීසියට ලද තොරතුරක් අනුව සිද්ධිය ගැන විමර්ශන ක්‍රියාත්මකය.

මියගිය දැරිය වයස අවුරුදු 09 ක් වූ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ මිත්තණිය කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

දැරියගේ මෘතශරීරය කුලියාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Previous articleඅරගලයෙන් ගිනි ගත්ත ඥානක්කාගේ ගෙටත් මිලියන 28ක් ගෙවලා
Next articleඅගමැතිනි කියන්නේ බොරු- ස්ටාලින් ගුරු වැටුප් ගැන කට අරියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here