Home අද අරගලයෙන් ගිනි ගත්ත ඥානක්කාගේ ගෙටත් මිලියන 28ක් ගෙවලා

අරගලයෙන් ගිනි ගත්ත ඥානක්කාගේ ගෙටත් මිලියන 28ක් ගෙවලා

15
0

අරගලය පැවති සමයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීමට සමගාමීව දෛවඥ ඥාණක්කාගේ නිවසට ගිණි තැබීම හේතුවෙන් ඒ සඳහා වන්දි ලෙස රුපියල් මිලියන 28 ක් ගෙවා ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබ වූ සමයේ ඥාණක්කාගේ නම කා අතරත් ප්‍රසිද්ධ වූ අතර ඇයගේ නිවසට සහ බුද්ධ මන්දිරයට හානි සිදුවීම වෙනුවෙන් මෙම මුදල් පසුගිය රජය විසින් ලබා දී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම වෙනුවෙන් ඔවුන්ට වන්දි ලෙස රුපියල් මිලියන 1221 ක් ගෙවා තිබේ.

ඊට අමතරව පළාත් පාලන ආයතනවල දේශපාලනඥයින් ගේ දේපොළ හානි වෙනුවෙන් රුපියල් මිලියන 1121 ක් වන්දි ලෙස ලබාදී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

Previous articleරටවල් 3කට යන්න ලක්ෂ 18 ලු : ජනාධිපති ෆුඩ්බෝඩ් ද ගියේ – දිලිත් අහයි !
Next articleවෙඩිවැදී දැරියක් මරුට – කාන්තාවකටත් තුවාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here