Home අද බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර විදුලි ගාස්තු වැඩි කිරීමේ සූදානමක !

බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර විදුලි ගාස්තු වැඩි කිරීමේ සූදානමක !

27
0

වියළි කාලගුණයක් ගැන කියමින් පසුගිය දිනවල  මහත් පරිශ්‍රමයක් දරා අඩුකරගත් විදුලි ගාස්තු වැඩි කිරීමේ පැහැදිලි සූදානමක් ඇති බවට පාරිභෝගික සංගම් පවසයි.

ඒ සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයක් පසුගියදා බලශක්ති ඇමති සිදුකළ බවද ඔවුන් පෙන්වා දෙයි.

පසුගියදා බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ දිවයිනට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් විදුලි ගාස්තුව ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව පවසා තිබුණේ, මාතලේදී පැවති හමුවක් අමතමින් වන අතර එහිදී මෙසේද පවසා තිබිණ.

“විදුලි ගාස්තු 20%කින් අඩුකළා. පෑව්වොත් එහෙම බොහෝවිට වැඩිකරන්න ඉඩ තියෙනවා. අපිට පිරිවැය ලෙස යන්නේ ලාභ හෝ ඉතිරි ලෙස නොවෙයි. අපිට පවත්වාගෙන යන්න නම් සංශෝධනවලට යන්න වෙනවා ඉතින් අපි ඒකට කැමති නැහැ. විදුලිබල මණ්ඩලය බිලියන 140 ගණනක් ලාභයි කියලා හැමදාම කියනවා. හැමදාම ඒ බොරුව කියනවා.

විදුලිබල මණ්ඩලයේ ලාභ නෙමයි ඉතිරියක් එනවා කාර්තුවෙන් කාර්තුවට මිල වෙනස් කිරීමේදී. පෙර මාස 06 ඉතුරුව ඊළඟ මාස 06ට ගන්නවා ඒ තුළින් තමයි අනාවැකියක් කියන්නේ. ඒ අනාවැකිය කියනකොට අර ඉතුරු ටික වියදම් කරලා තමයි ගන්නේ.

එතකොට අවුරුද්ද අවසානයේ ලාභයක් ඉතුරු වෙන්නේ නැහැ. 140 ගාණක් ගිය වසරේ තිබිලා තියෙනවා ඒක අන්තර්ගත වෙලා තියෙනවා වියදම්වලට. එකෙන් 46යි ඉතුරුවෙලා මේකට ආවේ. ඒ 46 මේකට අන්තර්ගත කළාම බිලින 42ක විතර පාඩුවෙනවා මේ මාස 06 ගියාම. ඊටත් වැඩිවෙයි මේ පෑවිල්ල වැඩි වුණාම.”

කෙසේ වුවත් පාරිභෝගික සංගම් පවසන්නේ 1/3කින් විදුලි ගාස්තු අඩු කිරීමටත් එය ඉතාම කෙටි කාලයකින් සිදුකරන බවට ජනාධිපති අනුර ලබාදුන් පොරොන්දුව උල්ලංඝනය වීමක් මේ හරහා සිදුවන බවයි.

එසේම තමන් ඇතුළු සිවිල් පාර්ශ්ව ගණනාවක් මහජන උපයෝගිතා කොමිසම සමඟ එක්ව සටන් කර විදුලි ගාස්තු අඩු කර ගැනීමට කටයුතු කළ නමුත් ඒ වාසිය මාස 2-3ක් නොතබා නිර්ලැජ්ජිත ආකාරයට සංශෝධනය කිරීමට අමාත්‍යවරා ප්‍රමුඛ විදුලි බල මණ්ඩලය සූදානම් වන බව ඔවුන් පවසයි.

එසේම පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම අධෛර්යමත් කරමින් නැවතත් රට තුළ ඩීසල් බලාගාර මාෆියාව හිස ඔසවන්න ගෙන ඇති බවද ඔවුන් පෙන්වාදෙයි. එබැවින් අසාධාරණ ආකාරයට විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකළ හොත් ඊට එරෙහිව ජනතාව පෙළගැස්මක් සිදුකරන බවද ඔවුන් පවසයි

Previous articleකන්දකාඩුවෙන් තවත් 4ක් පනිති !
Next articleආරක්ෂක සේවයෙන් පැනගිය 5000ක් අල්ලන්න රටපුරා මෙහෙයුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here