“ගමගෙදර දිසානායක බුද්ධ සාසන නියෝජ්‍ය ඇමති ධූරයේ තබාගෙන දළදා ප්‍රදර්ශන තියෙනවා නම් වැල් බෝධිය යටින් නම් යන්න එපා. නාථ දේවාලේ, පත්තිනි දේවාලේ බෝධිය යටින් නම් යන්න එපා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් අග්‍රාමාත්‍යවරියට පවසන ලදී.
ඇය මෙසේ ප්‍රකාශ කර සිටියේ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි .
නියෝජ්‍ය ඇමති නලින් හේවගේ පසුගියදා මන්ත්‍රීවරියට සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයෙන් පසුව බුද්ධ සාසන නියෝජ්‍ය ඇමතිද රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන් සම්බන්ධ කරමුන් දැක්වූ අදහස් වලට ඇය මෙහිදී ප්‍රතිචාර දැක්වූවාය.
මේ සම්බන්ධව රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මෙසේ පවසා තිබේ.
අගමැතිතුමියනි, දළදාවට ගහන්න ආයුධ සිවුර අස්සේ දාගෙන ආපු කෙනා එක්ක වැල් බෝධිය යටින්, නාථ පත්තිනි දේවාල ලඟින යන්න එපා !
එසේම ඊට පළමු ප්‍රතිචාරයක් ලෙසද මන්ත්‍රීවරිය තවත් අදහස් දැක්වීමක් සිදුකර ඇති අතර එය පහත දැක්වෙයි .
දැන් උතුම් දළඳා ප්‍රදර්ශනයක් පවත්වන්න යනවා නේ. සාදු සාදු ඉතාම හොඳයි.
දළඳා හාමුරුවන්ට බෝම්බ ගහන්න ගියේ
මාතලේ ගංගා, මංගලිකා, නදීකා, ලිලන්ති සහ වීරසිංහ
දවස 1989 පෙබරවාරි 8 දින
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මුර පොලවල් 5 කට ගැහුවා.
ටී. 81 රයිෆල් තුවක්කු 9 ක්,
ටී. 56 රයිෆල් තුවක්කු 2 ක්,
ඇතුළු ගිණි අවි 17 ක් මේ අර පැහැර ගෙන යනු ලැබීය.
පැහැරගත්ත ආයුධ සඟවා තිබුණේ රංගල, මගුල්දෙණිය සහ
උපාලි නවරත්න ගේ මහනුවර ගෙදර යි.
මේ දවසේ සිවුරක් පෙරවගත්ත, තට්ටේ ගාපු අවු 20 ක හාදයෙක් සිවුර අස්සේ ගහගෙන ආයුධ ඇද්දා. එන්න ඒ හාදයා දළදා ප්‍රදර්ශනයට ඉස්සර දළදා හාමුරුවෝ වැඩ ඉන්න මාලිගාවට ඉස්සර පිට්ටනියට එනවා නම්, මම මැරිච්ච මිනිස්සු නෙවෙයි, ජීවමාන සාක්කි ගෙනල්ලා 87 -89 මාතලේ/මහනුවර කරපු ඝාතන ගැන ඒ මිනිස්සු ලවා කියවන්නම්.
සිවුර අස්සේ ආයුධ ඇදපු කෙනා, සිවුර ගලවලා පටලවලා ගිය පැඟිරි ගහ ගැනත් කියන්නම්.
සිවුර ගලවලා ගහේ ඔතලා, වතුරට බැහැපු තැන ගැනත් කියන්නම්.
අග්‍රාමාත්‍යතුමියනි,
ගමගෙදර දිසානායක බුද්ධ සාසන නියෝජ්‍ය ඇමති ධූරයේ තියාගෙන දළදා ප්‍රදර්ශන තියෙනවා නම් වැල් බෝධිය යටින් නම් යන්න එපා. නථ දේවාලේ, පත්තිනි දේවාලේ බෝධිය යටින් නම් යන්න එපා.
ඉතුරු ටික මම මේ පාර්ලිමේන්තුවේ නෙවෙයි, එළියේ කියන්නම්. දැනට ජීවත්වෙන මිනිස්සු ඉස්සරහ කියන්නම්