“මන්ත්‍රීවරයෙක් වුනොත් ලබා දෙන ආරක්ෂකයෝ ගන්නවාද ? මන්ත්‍රීවරුන්ට පාර්ලිමෙන්තුවෙන් ලබා දෙන ගිනි අවිය ගන්නවාද ? වැනි ප්‍රශ්න එක්තරා මාධ්‍ය ආයතනයක් පසුගිය මැතිවරණ සමයේදී මන්ත්‍රී ධූර අපේක්ෂකයන්ට අනිවාර්ය ප්‍රශ්නයක් ලෙස යොමුකළ බවත්, එය විශාල කුමන්ත්‍රණයක කොටසක් බවට සැකහිතෙන බවත්, සමගි ජනබලවේගය පක්ෂයේ තරුණ බලවේගයේ ක්‍රියාකාරී චරිත් අබේසිංහ අවධාරණය කරයි.
සාමාන්‍ය මාධ්‍යවේදියෙක් මෙවැනි ප්‍රශ්නයක් අනිවාර්ය ප්‍රශ්නයක් ලෙස යොමු නොකරන බව සඳහන් කළ රටේ මේ වන විට සිදුවන සිදුවීම් අනුව මේ සම්බන්ධව අවධානය යොමුකළ යුතු බවද පෙන්වා දුන්නේය.
සජබ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවේදී චරිත් අබේසිංහ මේ බව සඳහන් කළ අතර වර්තමාන ආණ්ඩුවට අභියෝගයක්වී ඇත්තේ ඔවුන්ම පසුගිය සමයේ කළකී දේ බවද සඳහන් කළේය .
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය .
රටේ රාජ්‍ය ආරක්ෂාව කප්පාදු කිරීම සඳහා තීරණය කිරීමට වර්තමාන රජය පෙළඹීමට ලක් කළේ කවුද ඒ පිටිපස සිටින්නේ කවුද කියන දේ පිළිබඳව අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. ඒ සඳහා විශේෂ හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි රට පුරා ඇතිවී තිබෙන ඝාතන රැල්ල. මේ ඝාතන රැල්ල පෙර පැවැති ආණ්ඩු පැවැති කාලයේදිත් සිදුවෙලා තිබෙනවා. නමුත් තමන්ගේම අභියෝග තමන්ටත් වඩා ඉහළට ඔසවා ගත්තේ වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා සහ වර්තමානයේ සිටි මැති ඇමතිවරු. වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතාගේ ලොකුම අභියෝගය විපක්ෂය නෙවෙයි. මැතිවරණ වේදිකාවේ සිටි මන්ත්‍රී අනුර දිසානායක කියන කෙනයි.
ජනාධිපතිවරයකු වීමට කලින් මන්ත්‍රීවරයකු ලෙස අනුර දිසානායක මහතා මැතිවරණ වේදිකාවලදී සිදු කළ ප්‍රකාශම තමයි අද ඔහුට අභියෝගයක් වී තිබෙන්නේ. ඔහු කියපු දේවල්ම තමයි අද ඔහුට ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. ඒ වගේම ඔහුගේ මන්ත්‍රීවරු කියපු දේවල්ම තමයි අද ඔහුට ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. ආණ්ඩුවේ කටයුතු වලට කවුරුත් අභියෝග එල්ල කරන්නෙත් නැහැ කවුරුත් කකුලෙන් අදින්නෙත් නැහැ. පොහොර සහනාධාරය දුන්නෑ කියලා ගොවියන් පාරට බස්සන්න විපක්ෂය කටයුතු කරලා නැහැ. සහල් පොල් හිඟයක් රට තුළ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනතාව පාරට බස්සවන්න විපක්ෂය කටයුතුකරලා නැහැ. නමුත් ජාතික ජන බලවේගය පිරිස පැය විසි හතරෙන් විසඳනවා යැයි කියූ ප්‍රශ්න තමයි අද ඔවුන්ටට අභියෝගයක් වෙලා තිබෙන්නේ. අද ඔවුන්ට ඒවාට උත්තර හොයා ගැනීමට නොහැකිව පසුතැවෙනවා.
ඒ වගේම මහ මැතිවරණයේදී එක්තරා ආයතනයක් මන්ත්‍රීධූර අපේක්ෂකවරු ඔවුන්ගේ වැඩසටහනකට ගෙනවිත් සෘජුව ප්‍රශ්න කලා. ඔවුන්ගේ ඒ ප්‍රශ්න අතර අනිවාර්ය ප්‍රශ්නයක් තිබුණා. ඒ සඳහා මන්ත්‍රීවරුන්ට උත්තර ලබා දීමට අනිවාර්යයෙන් සිදුවී තිබුණා. මන්ත්‍රීවරයෙක් වුනොත් ලබා දෙන ආරක්ෂකයෝ ගන්නවාද ? මන්ත්‍රීවරුන්ට පාර්ලිමෙන්තුවෙන් ලබා දෙන ගිනි අවිය ගන්නවාද ? වගේ ප්‍රශ්න ඒ මාධ්‍ය ආයතනය විසින් මන්ත්‍රී ධූර අපේක්ෂකවරුන්ගෙන් සෘජුව ඇහුවා. ඒ අවස්ථාවේ බොහෝ පිරිසක් උත්තර ලබා දුන්නේ ආරක්‍ෂාව හො ගිනි අවිය ගන්නේ නැහැ කියලා. ඔවුන් බයවුනා ඔවුන්ට ලැබෙන්න තිබූ ඡන්ද ප්‍රමාණය අඩු වෙයි කියලා. නමුත් විකල්ප අදහසක් තිබුණු සෘජු පුද්ගලයන් කිහිපදෙනෙක් ඒ ප්‍රශ්නවලට සෘජු පිළිතුරු ලබා දුන්නා. ඔවුන් ප්‍රකාශ කළා මන්ත්‍රීවරුන්ට ලැබෙන ගිනි අවිය සහ ආරක්ෂාව ලබාගන්නවා කියලා. ඊට ප්‍රධාන හේතුව තමයි රටේ ආරක්ෂාව තවම හරියාකාරව තහවුරු වී නොමැති වීම.
රටේ ආරක්‍ෂාව තහවුරු වී තිබුණානම් වසර ගණනාවක් තිස්සෙ යුද්ධයක් මෙ රටෙ පවතින්න විදිහක් නැහැ. රටෙ බෝම්බ පුපුරන්න බැහැ. රටෙ මන්ත්‍රීවරු තැන තැන ඝාතනය වෙන්න බැහැ. ශ්‍රී ලංකාවට තිබෙන්නේ ලෙ වැගිරුණු ඉතිහාසයක්. ඒ නිසා මන්ත්‍රීවරයෙකුට ලැබෙන ආරක්ෂක වරප්‍රසාද අපි ලබා ගන්නවා කියලා අපි සෘජුව ප්‍රකාශ කළා. ඒ බව මම සහ ප්‍රසාද් සිරිවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.
මේ ආකාරයේ ප්‍රශ්න යොමු කරන්නේ ඒ ආයතනයේ මාධ්‍යවේදීන් නෙවෙයි. එය විශාල කුමන්ත්‍රණයක කොටසක් ලෙසයි මම දකින්නේ. පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් ආරක්ෂාව ගන්නවාද නැද්ද කියන ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට ඒ වැඩසටහනෙ අහන්නෙ කාගෙ හෝ අවශ්‍යතාවයක් ඉටු කිරීමෙ බලාපොරොත්තුවකින් දැයි සැක මතු වෙනවා. ඒ ප්‍රශ්නය ඒ වැඩසටහනට පැමිණි සියලුම මන්ත්‍රීධූර අපේක්ෂකයන්ගෙන් විමසුවා. ඒ වගේම ඒ වැඩසටහන පැමිණි බොහෝ අපේක්ෂකයින්ගෙන් ඔවුන් මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව අවශ්‍ය නෑ කියන උත්තරය ලබාගත්තා. මන්ත්‍රී දුර අපේක්ෂකයන් ඒ උත්තරය ලබා දුන්නේ බයටයි.
රටෙ අධි ආරක්ෂිත කලාපවල මිනීමැරුම් සිද්ධ වන විට , උසාවිය තුළදී මිණි මැරුම් සිදුවනවිට අද අපිට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න සිදු වී තිබෙනවා. 2014 දී රටෙ සිටි බුද්ධි අංශ වට්ටන විට , බුද්ධි අංශ නිලධාරීන් සිරගත කොට දඬුවම් ලබාදෙන විට අපි දන්නෙවත් නැතුව පාස්කු ප්‍රහාරය සිදුවෙලා තුන්සිය දෙනෙක් මිය ගියා. අද ඒ ප්‍රහාරයෙ මහමොලකරුවන් සොයනවා. දේශපාලන වේදිකාවල ඒ මළමිනී හැමදාම ගොඩ දානවා. ඒ මළ මිනී මතින් තමයි අද ඇතැම් පිරිස් දේශපාලනය කරන්නෙ. එවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය ආරක්ෂාව කියන දේ පිළිබඳව අවබොධයක් ලබා ගැනීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. රටෙ ජාතික ආරක්‍ෂාව තහවුරු කළහොත් පමණයි රට ආර්ථික වශයෙන් ශක්තිමත්න්නෙ. සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වන්නේ රටේ ජාතික ආරක්ෂාව තිබුණොත් පමණයි.
ඒ වගෙම ආණ්ඩුවට රටෙ ජනතාවට පොරොන්දු වුණ දේවල් කිසිවක් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ජාතික ජන බලවේගයෙ දේශපාලන වේදිකාවෙ භාවිතයත් ජාතික ජන බලවේගයේ පරිපාලනයේ භාවිතයෙත් පරස්පර දේවල් සිදුවෙලා තිබෙනවා. ඒ සඳහා එකම හේතුව ඔවුන් විපක්ෂයෙ සිටින විට සිදුකළ ප්‍රකාශයි. ඒවගෙම එක පෑන් පහරකින් උත්තර හොයන්න පුළුවන් ප්‍රශ්න වලට තවමත් උත්තරයක් සෙවීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. ආණ්ඩුව ඇයි රාජ්‍ය ආරක්ෂාව කප්පාදු කරන්න උත්සාහ කරන්නෙ. ආණ්ඩුව මේ තුළින් කාගෙ අපේක්ෂාවක්ද ඉෂ්ට කරන්න උත්සාහ කරන්නෙ. මෙ තුළින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද. යන කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව රටට පැහැදිලි කිරීමක් කළ යුතුයි.
කිසිම ආරක්‍ෂාවක් නැතුව ඕනෑම කෙනෙකුට ගමන් බිමන් යාමට හැකියාවක් තිබෙන රටක් නෙවෙයි ශ්‍රී ලංකාව කියන්නෙ. ශ්‍රී ලංකාව වසර තිහක යුද්ධයක් තිබුණ රටක්. ආයුධ රට පුරා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ රජයට බාර නොදුන්න ටී පනස් හයෙ ගිනි අවී තවමත් තිබෙනවා. ඒ ආයුධවත් භාර නොදී තමයි ආණ්ඩුව ජාතික ආරක්‍ෂාව නැති කරන්න උත්සාහ කරන්නෙ. කෙසෙ නමුත් කතානායකවරයා පොලිස්පතිවරයාට ප්‍රකාශ කරනවා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගෙ ආරක්ෂාව තර කරන්න කියලා. තමන්ගෙ ආරක්ෂාවට ආරක්ෂකයින් එපා කියූ ආණ්ඩුවෙ මැති ඇමතිවරු මැතිවරණ සමයෙදී සිදු කළෙ ඔවුන්ට බලය දුන් ජනතාව රැවටීමයි.‘