Home අද ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහලට : වෙරිටේ රිසර්ච් රට කලඹවන...

ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහලට : වෙරිටේ රිසර්ච් රට කලඹවන අනාවරණයක !

17
0

2025 වසරේ පෙබරවාරි ප්‍රතිඵල අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව ජනමත විමසීමේසමීක්ෂණයෙන් හෙළි වී ඇති බව “වෙරිටේ රිසර්ච්” ආයතනය පවසයි.

ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ ආකාරයට මෙම සමීක්ෂණය සිදුකළ බව වෙරිටේ රිසර්ච් සඳහන් කරන අර්හර ඊට අදාළ තොරතුරු ඇතුළත් නිවේදනයක ද අද (23) එම ආයතනය නිකුත්කර ඇත.

එහි පෙන්නුම් කරන ආකාරයට ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත කරනවාද යන්න 2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් ව ඇති අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් ඇත.

ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන බවද එහිදී වාර්තා කර ඇත.

කෙසේවුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්‍රතිඵල වලින් කියැවෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එය, 2024 ජූලි මාසයේ වාර්තා වූ 71%ක ප්‍රතිශතයට වඩා අඩු ය.

සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත.

තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතය ද, 65%ක සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුව ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


Previous articleබදු සංශෝධන පනත් කෙටුම්පත් 2ක් ගැසට් කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here