Home අද කෝච්චියට පනින අලි ගැන කෝල් කරලා ස්ථානාධිපතිට කියන්න – අලි දුම්රියේ හැපෙනවාට...

කෝච්චියට පනින අලි ගැන කෝල් කරලා ස්ථානාධිපතිට කියන්න – අලි දුම්රියේ හැපෙනවාට ඇමති බිමල්ගේ අඩු වියදම් විසඳුම

124
0

දුම්රිය මාර්ග ආසන්න අලි ගැවසෙන්නේ නම් එම ආසන්න ගම්මානවල වැසියන්ට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දුරකථන ඇමතුමක් හරහා ඒ බව දැනුම් දීමට හැකි බව අමාත්‍ය බිමල් රත්නායක පෙන්වා දෙනවා.

වන අලි මරණ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එලෙස දැනුවත් කිරීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරු එම මාර්ගයේ ගමන් කරන දුම්රියවල රියදුරන්ට එම පණිවුඩය දැනුම් දීමෙන් වන අලි මරණ සංඛ්‍යාව අඩු කර ගත හැකි බවද ඔහු පැවසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම විසඳුම කාලයක් තිස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවට ගෙන තිබුණත් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන නැති බවය.

ඔහු පෙන්වා දෙන්නේ ගුවන් පාලම් වැනි අධි වියදම් යෝජනා ක්‍රම පසුව සලකා බැලීමට ඉඩ තබා මෙම මෙම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බවයි. එය වන අලි දුම්රිය මාර්ගවලදී මිය යෑම සම්බන්ධයෙන් අඩු වියදම් සැලසුමක් බව ඒ මහතා කළේය.

Previous articleතරුණසේවා සභාව සහ ඊට අනුබද්ධිත ආයතනවල දූෂණ හා අක්‍රමිකතා සොයන්න විශේෂ කමිටුවක්
Next articleවැඩ බලන පොලිස්පතිගෙන් පාතාලය ගැන අනාවරණයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here