Home අද වැඩ බලන පොලිස්පතිගෙන් පාතාලය ගැන අනාවරණයක් !

වැඩ බලන පොලිස්පතිගෙන් පාතාලය ගැන අනාවරණයක් !

18
0

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසීය.

මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ සිද්ධීන් 17ක් වාර්තා වී ඇති බවත් කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙම වසරේදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධීන් හා කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 17ක් විමර්ශනය කර අවසන් බවද එහිදී ඔහු සඳහන් කළේය .

ඇතැම් සිද්ධීන්වලට පොලීසිය හා ත්‍රිවිද හමුදාවේ සාමාජිකයින් ඍජුව හා වක්‍රව සම්බන්ධ බවත්, ඒ අනුව එම නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.

එසේම වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී T56 13ක්, රිවොල් 15ක්, පිත්තෝල 21ක්, බෝර 12 ගිනිඅවි 75ක්, රිපීටර් 7ක්, කොටන තුවක්කු 805ක් සහ වෙනත් ගිනිඅවි 4ක් පොලිස් භාරයට ගත් බවද සඳහන් කළේය.

එමෙන්ම අපරාධකරුවන් සහ ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන මහජනතාවට ත්‍යාග මුදල් ලබාදෙන බවද ඔහු මෙහිදී පැවසීය

Previous articleකෝච්චියට පනින අලි ගැන කෝල් කරලා ස්ථානාධිපතිට කියන්න – අලි දුම්රියේ හැපෙනවාට ඇමති බිමල්ගේ අඩු වියදම් විසඳුම
Next articleඅර්ජුන් ඇලෝසියස් නිදහස්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here