යුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ඒකාධිපතියෙකු ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සෞදි අරාබියේ පැවති අමෙරිකානු රුසියානු සාකච්ඡාවලට තම රට සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා දැඩි විවේචනයක් එල්ලකොට ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා රුසියාවේ තොරතුරු මත පදනම්ව පමණක් කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් යුක්රේන ජනාධිපතිවරයා නම්‍යශීලීව කටයුතු නොකරන්නේනම් ඔහු සමඟ අනෙක් රටවල් නොසිටිනු ඇති බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙන බවද සඳහන් වේ.
මේ අතර, යුක්රේන ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු ලෙස විවේචනය කළ අමෙරිකානු ජනාධිපතිවරයාට ජර්මානු චාන්සලර්වරිය ඇතුළු යුරෝපීය රටවල නායකයින් සිය විරෝධය පළ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.