වාහන ආනයනය කිරීම හරහා රජයට රුපියල් බිලියන 600-700ක් බදු මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවත් අපේක්ෂිත ආදායම උපදවා ගැනීමට නොහැකි වුවහොත් වාහන ආනයන බදු සීමා පහළ දැමීමට මහ බැංකුවේ අවධානය යොමුව ඇති බවත් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
මේ අතර වෙළෙඳ පොළ විශ්ලේෂකයන් ද පවසන්නේ වාහන ආනයනය මඟින් රජය අපේක්ෂා කරන මට්ටමේ ආදායමක් උපයා ගැනීමට හැකිවේද යන්න ගැටළු සහගත බවයි.
රජය විසින් වාහන මත නව බදු පැනවීමට පෙර ඇණැවුම් රැසක් මෙරට වාහන ආනයනකරුවනට ලැබී තිබුණද බදු පැනවීමත් සමග එම පෙර ඇණැවුම් විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට කටයුතු කර ඇති බව පෙන්වාදෙන ඔවුන් බොහෝ ආනයනකරුවන් වාහන ගෙන්වීමේදී පෙර ඇණැවුම් ලබා ගැනීමට වැඩි කැමැත්තක් පෙන්වමින් ඇති අතර ගෙන්වා අලෙවි කිරීම සදහා නව රෙගුලාසි යටතේ එතරම් උනන්දුවක් නොපෙන්වන බවද පවසයි.