රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ඉල්ලා අස්වීමට ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් තීරණය කර ඇත.
ජනාධිපති ලේකම් සනත් කුමානායක වෙත ලිපියක් යොමු කරමින් උන් වහන්සේ පවසා ඇත්තේ තමන් වහන්සේට එම තනතුර ලබා දීම හේතුවෙන් යම් පාර්ශ්වයක සිත් රිඳවීමක් සිදුව ඇති බවයි.
හිටපු කුලපති ස්වාමීන් වහන්සේට පක්ෂපාතී ඇතැම් ගිහි පිරිස් අසාධාරණ වූ ප්‍රකාශයන් මාධ්‍ය ඔස්සේ පළකරනු ලබන බවත් එහෙයින් සංඝ භේදය ඇති වීම සහ ඇති කිරීම වළක්වාලනු පිණිස තමන් මෙසේ තනතුරෙන් ඉවත්වීමට තීරණය කළ බවත් ලිපියේ සදහන් කර ඇත.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පසුගිය10 වනදා සිට බලපැවැත්වෙන වෙන පරිදි පත්වීම සිදුකරණු ලැබුවේ ජනාධිපති අනුර දිසානායක විසිනි.
ඒ එතෙක් රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හෙබවූ රුවන්වැලි සෑ විහාරාධිපති , පූජ්‍ය ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමියන් ඉවත් කරමිනි.
කෙසේ වුවත් නායක හිමිනමක් විශ්වවිද්‍යාලයක කුලපති ධූරය සඳහා පත්කිරීමෙන් අනතුරුව එකී හිමිනම ඉල්ලා අස්වීමක් ලෙස හෝ අභාවප්‍රාප්ත වුවොත් මිස ධුරයෙන් ඉවත් නොකරන සම්ප්‍රදායක් ඇත.
නමුත් වාර්තා වූයේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හෙබවූ රුවන්වැලි සෑ විහාරාධිපති , පූජ්‍ය ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමියන් එකී ධූරයෙන් ඉවත්කර ඇති බව ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත්කරන තුරු දැනුම්දී නොමැති බවය.
සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් පිළිකුලෙන් සඳහන් කර තිබුණේ එය පූජ්‍ය ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමියන්ට පමණක් නොව සංඝ සමාජයටත් සිදුකළ අපහාසයක් ලෙසය