Home අද කරුණු නොදැන හෝදන්න ගිහින් : ජගත් මනුවර්ණ අමාරුවේ !

කරුණු නොදැන හෝදන්න ගිහින් : ජගත් මනුවර්ණ අමාරුවේ !

678
0

අලුත් කඩේ උසාවි සංකීර්ණයේ සිදුකළ ඝාතනයට අදාළ සැකකරු සතුව ව්‍යාජ නීතීඥ හැඳුනුම්පතක් ද තිබී ඇති බවත් ආණ්ඩුව හඳුන්වා දීමට සැලසුම් කර ඇති ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දී තිබිණි නම් ඔහුට සිය අනන්‍යතාව සැඟවීමට ඉඩ නොලැබෙන බවත් ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

අධිකරණයක දී චූදිතයෙකු ඝාතනය කළ පළමු අවස්ථාව මෙය නොවන අතර 1994 වසරේ දී ද ධම්මික අමරසිංහ නැමැත්තා උසාවිය තුළ දී නීතීඥයකු ලෙස පැමිණි අයකු විසින් මරා දැමූ බව ද ඔහු සිහිපත් කළේය .

එසේම තමන් බලයට පැමිණියේ එම ඝාතන සංස්කෘතිය අවසන් කිරීමට වුව ද තවමත් අතීත අවතාර හොල්මන් කරමින් ඇති බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය .

මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ඩිජිටල් හැඳුනුම්පත මීට වසර කිහිපයකට පෙර පැවති පාලකයන් විසින් හඳුන්වාදීමට සැරසුණු අවස්ථාවේ ඊට බරපතළම විරෝධය දක්වා සිටියේ වත්මන් ජනාධිපති අනුර දිසානායක බවයි.

ඒ මෙරට ජනතාවගේ සංවේදී දත්ත සියල්ල ඉන්දියාවට ලැබෙන බව පවසමින් බවද ඔවුන් සිහිපත් කරයි.

කෙසේ වුවත් තවත්  බොහෝ කාරණා වලදී මෙන් ඩිජිටල් හැඳුනුම්පත වත්මන් පාලනය විසින් අලුතෙන් හඳුන්වාදුන් වැඩසටහනක් නොව අනුන්ගේ කලිසමක් තමන්ගේ ලෙස ඇඳගෙන යාමක් බව සිහිපත් කළ යුතුව ඇති බවද දේශපාලන විචාරකයන් පවසයි.

එබැවින් ජගත් මනුවර්ණ මන්ත‍්‍රීවරයා වැනි දේශපාලන නොදරුවන් කරුණු නොදැන තම ආණ්ඩුවේ ගුණ වයන්නට යාම නිසා ජනතාව හමුවේ හාස්‍යට භාජනය වන බවද විචාරක මතය වී තිබේ.

Previous articleසංඝ භේදයක අවධානමක් : ජනපති අනුර පත්කළ සුමනසිරි හිමියන් රජරට වි.වි. කුලපති ධූරය අත්හරියි !
Next articleහිටපු SDIG ලලිත් ජයසිංහට වසර 04 ක සිරදඬුවම් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here