Home අද මීළඟ ඡන්දෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුව ලකුණෙන්

මීළඟ ඡන්දෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුව ලකුණෙන්

23
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එහිදී තවත් ලාංඡන කිහිපයක් සම්බන්ධවද යෝජනා ඉදිරිපත් විය.

ඉදිරිපත් වූ අනෙක් යෝජනා සම්බන්ධව ද මධ්‍යම කාරක සභාවේ අවධානය යොමු කළ බවත් ඒ අනුව ජයග්‍රාහී ලකුණ වන පුටුව ලකුණෙන් ඉදිරිපත් වීම අවසන් තීරණය බවට පත් වූබවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ කටයුතු පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ වහා ආරම්භ කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය

Previous articleවාහන ආනයන බදු ආදායම සිහිනයක් වෙයි : බදු සීමා පහළ දැමීමේ සූදානමක් ?
Next articleසංඝ භේදයක අවධානමක් : ජනපති අනුර පත්කළ සුමනසිරි හිමියන් රජරට වි.වි. කුලපති ධූරය අත්හරියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here