පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ අරුණ ප්‍රියන්ත හෙවත් කජ්ජා නැමැත්තාට තමන් අත් විලංගු යුගලක් ලබා දුන් බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පොලිසිය හමුවේ අනාවරණය කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල පොලිසියට අනුයුක්තව තංගල්ල කොට්ඨාස රථ වාහන අංශයේ සේවය කරන වීරකැටිය කැප්පෙටියාවේ පදිංචි තිස්පස් වියැති පොලිස් කොස්තාපල්වරයෙකි.
මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ ඝාතනයට ලක් වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නැමැත්තා සමග තමන් වසර විස්සකට අධික කාලයක් මිතුදම් පැවැත් වූ බව පොලිස් කොස්තාපල්වරයා අනාවරණය කර ඇත.
දිගු කලක සිට කජ්ජා සමඟ පැවැති මිතුදම නිසා ඔහුගේ ඉල්ලීම පරිදි පොලිස් නිල ඇඳුම් කොටස් අලෙවි කරන රථයෙන් රුපියල් 4800 බැගින් ගෙවා අත්විලංගු යුගලක් ඔහුට ලබා දුන් බව පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ කොස්තාපල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
සැකකාර කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සඳහා මිද්දෙණිය පොලිසිය වෙත භාරදී තිබෙන බවත් ඔහුගෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කර ගැනීමට හැකි වී ඇති බවත් මිද්දෙණිය පොලිසියේ උසස් නිලධාරියෙක් අප කළ විමසුමකදී පැවසීය