රජය විසින් පනවා ඇති වාහන ආනයනය කිරීමේ සීමාවන් උල්ලංඝනය කරමින්, 2022 දී නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමට යම් සමාගමක් උත්සාහ කරන බවට ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳ සංගමය විසින් අනාවරණය කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ගොනු කර තිබෙන බවද වාර්තා වේ.
මෙම ආනයනකරු වාහන තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා වගකිව යුතු ජපන් ආයතන තුනකට නිෂ්පාදන දිනයන් ව්‍යාජ ලෙස සකස් කරන ලෙස බලපෑම් කරමින් සිටින බවද පැමිණිල්ලේ දක්වා ඇතැයි වාර්තා වන අතර ගතවූ සතියේ අවම වශයෙන් එවැනි වාහන 150 ක් ව්‍යාජ දිනයන් භාවිතා කරමින් ආනයනය කර ඇති බවද සඳහන් වේ.
2023 ජනවාරි 15 න් පසු නිෂ්පාදනය කරන ලද වාහන පමණක් ආනයනය කළ හැකි බව රජයේ රෙගුලාසි වල සඳහන් වුවත් මෙම සමාගම 2022 සිට වංචනික නිෂ්පාදන දිනයන් යටතේ වාහන ගෙන ඒම සඳහා සහතික කිරීමේ ආයතනවලට බලපෑම් කරන බවත් පැමිණිල්ලේ දක්වා ඇතැයි සඳහන් වේ.
එවැනි ක්‍රියා රජයේ රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බවත් ව්‍යාජ ලියකියවිලි මත පදනම්ව ආනයනය කරන ලද වාහන ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවත් එබැවින් මෙම වාහන නැවත අපනයනය කරන ලෙස පැමිණිලිකරුවන් සිය පැමිණිල්ල මඟින් ඉල්ලා සිටින බවද වාර්තා වේ.