Home අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන තීන්දුවක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන තීන්දුවක් !

249
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට වැඩබලන පොලිස්පතිවරයා ට යොමුකළ බව කතානායක පවසයි.

කතානායකවරයා මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි.

එහිදී කතානායකවරයා සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරුන් විටින් විට තමා වෙත ඉල්ලීම් යොමුකර ජනාධිපතිගෙන් බවයි.

ඒ අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා තමන් එම ඉල්ලීම් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකළ බවද කතානායක පැවසීය.

කෙසේ වුවත් ජාතික ජනබලවේගය පක්ෂය ආණ්ඩු බලය ගැනීමට පෙර මෙන්ම පසුගිය දිනවල දිගින් දිගටම ජනතා නියෝජිතයන් සතු ආරක්ෂාව හෑල්ලු කළේය.

තම මැති ඇමතිවරුන් ද නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙමින් පරිවාර රථ ඇතුළු අංගාරක්ෂකයන් ඉවත් කර ජනතා සේවයේ යෙදෙන ආකාරයට ආදර්ශයක් දෙන බවද පැවසිණ.

නමුත් රටපුරා දිනපතා සිදුවන ඝාතන හමුවේ සහ අධිආරක්ෂිත කලාපයක් වූ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේදී පසුගියදා සිදුවූ ඝාතනයෙන් අනතුරුව මාලිමාවේ එම පොරොන්දුවද හකුලා ගන්නට සිදුව තිබේ

Previous articleකාර් නෙවෙයි ත්‍රීවිල් ගැනිල්ලත් සුම්මා : නවතම ත්‍රීරෝද රථය 1,995,000 පන්නයි !
Next articleමිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනය : පොලිස් කොස්තාපල් ඇතුළු 3ක් අත්අඩංගුවට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here