Home අද කාර් නෙවෙයි ත්‍රීවිල් ගැනිල්ලත් සුම්මා : නවතම ත්‍රීරෝද රථය 1,995,000 පන්නයි !

කාර් නෙවෙයි ත්‍රීවිල් ගැනිල්ලත් සුම්මා : නවතම ත්‍රීරෝද රථය 1,995,000 පන්නයි !

517
0

ආනයනික බජාජ් නවතම ත්‍රීරෝද රථයක මිල රුපියල් 1995000ක් ලෙස මිල ඉහල ගොස් තිබේ.

බජාජ් ත්‍රීරෝද රථ නිල ආනයන සමාගම නිකුත්කළ දැන්වීමක මෙම නවතම මිල දක්වා තිබේ.

May be an image of service vehicle, tractor, segway, golf cart and text that says 'David Pieris Motor By Led. Products Workshop Offers Network Vending Machines BRAND NEW BAJAJ RE Home Products Three-wheelers Brand New Bajaj RE Brand New RE Introducing the All-New Bajaj Three-Wheeler- Now Bookings! for BS6 emissions Powered engine greater durability. David Pieris Motor Company proudly presents latest Bajaj 3W EFi superior efficiency, ides, 236cc electronic fuel injection (EFI) petrol enhanced performance, mileage, Key Features: Smoother Rides- -Advanced engine response with reduced vibrations Eco-Friendly- S6compliance ensures lower emissions Powerful Performance- Higher improved pulling power Proven Reliability- Warranty months 'Conditions apply "Prices subject 20,000 km change without prior notice 1,995,000.00 Request Quotation'

වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් ත්‍රීරෝද රථ මෙන්ම මෝටර් රථ ආනයනයේදී පනවා ඇති අසීමිත බදු හේතුවෙන් මෙසේ අසීමිත මිල ඉහළ යාම සිදුව ඇති බවයි.

මෝටර් රථ කෙසේ වෙතත්, ඉතා පහළ අදායමක් ලබන අයෙකුට වුවත් මෙතෙක් ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමට හැකියාව තිබුණත්,නව බදු පැනවීම සමඟ ඒ අවස්ථාවද අහිමිව යන බවද ඔවුන් පෙන්වා දෙයි.

ත්‍රීරෝද රථ ආශ්‍රිතව මෙරට සැලකිය යුතු ආර්ථිකයක් ගොඩනැඟී ඇති බවත්, මිලියන ගණනක් වන එම කොටස මේ හමුවේ දැඩි පීඩනයකට මුහුණදෙනු ඇති බවත් වෙළෙඳ පොළ විශ්ලේෂකයන් සඳහන් කර සිටියි.

මෝටර් රථ ආනයනයේදී කිසිසේත් සාධාරණ නොවන මෙම අසාධාරණ බදු පැනවීමට රජය් කටයුතු කර තිබෙන්නේ 2025 රාජ්‍ය ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් උපයා ගැනීමේ අපේක්ෂාව ඇතිව වුවත් එය කොතරම් සාර්ථක වෙයිද යන්න සැකසහිත බවද ඔවූහු පෙන්වා දෙති.

ඒ සම්බන්ධව වැඩිදුරටත් පැහැදිලි කරමින් වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ අසීමිත බදු පැනවීම හමුවේ වාහන ආනයනකරුවන් නිෂ්චිත ඇණවුම් සඳහා පමණක් වාහන ආනයනය කිරීමට යොමුව ඇති බවයි.

බලය ගැනීමට පෙර ජාතික ජනබලවේගය පක්ෂය අඩු මිලට මෝටර් රථයක් මිලදී ගැනීමට අවශ්‍ය පසුබිම සකසන බව පවසමින් මාධ්‍යම පංතිය ආකර්ෂණය කරගත් නමුත් පළමු අයවැයෙන් එම පොරොන්දුව සිහිනයක් කර ඇති බවද ඔවුන් සිහිපත් කරයි.

සැබැවින්ම පසුගිය මැතිවරණ වේදිකාවේ දී ජාතික ජනබලවේගය පක්ෂය මෝටර් රථ ආනයනයේදී පනවා තිබුණු බදු සම්බන්ධව දැඩි විවේචනයක් සිදුකළ අතර තම පාලනයක් යටතේ ලක්ෂ 12ක් වැනි මුදලකට මෝටර් රථයක් මිලදී ගැනීමට හැකි පසුබිම සකසන බවටද පොරොන්දු විය.

විශේෂයෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන කථිකයකු වූ නලින් හේවගේ එවකට මෝටර් රථ ආනයනයේදී පනවා තිබුණු බදු විවේචනය කර සිටියේ , “අපේ රටේ මුළු ජීවිතේම උපයන මුදල එකතු කලද මිලට ගත හැක්කේ ‍ටැක්ටරයක රෝදයක් පමණක් බව” කියමිනි.

එසේම ජපානයේ විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට ගෙනත් දිය හැකි බවත් එසේ ගෙනත් දෙන්නේ නම් හැමෝටම එය මිලට ගත හැකි බවත් ඔහු කියා සිටියේය.

රජය එම වාහන සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක අසූවක පමණ බද්දක් අය කරමින් ඇති බවත් ජනතාවට වාහනයක් මිලට ගත නොහැක්කේ වාහන මිල වැඩි නිසා නොව තක්කඩි පාලකයන් නිසා බවටත් නලින් හේවගේ එදා පැවසීය

Previous articleFBI හි ප්‍රධානියා ලෙස ඉන්දියානුවෙකු පත්කෙරේ
Next articleපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන තීන්දුවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here