Home අද මාධ්‍ය කිව්වේ බොරු : මගේ වරප්‍රසාද උල්ලංඝනය වුණා – නිලන්තිගෙන් පැමිණිල්ලක් !

මාධ්‍ය කිව්වේ බොරු : මගේ වරප්‍රසාද උල්ලංඝනය වුණා – නිලන්තිගෙන් පැමිණිල්ලක් !

193
0

මාධ්‍යට අදහස් දැක්වීම පක්ෂය විසින් තමන්ට වාරණය කර ඇති බවට අසත්‍ය සහ කරුණු තහවුරු කරගැනීමකින් තොර පුවතක් පළකිරීම හරහා තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති බවත්, ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි කතානායකවරයාගෙන් ඉල්ලා සිටියාය.

අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරිය විසින් මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතුකළ අතර එහිදී , අදාළ පුවත පළමුව පළකල ඩේලි මිරර් සහ ලංකාදීප යන පුවත්පත් වලද නම් සඳහන් කෙරිණ.

කෙසේ වුවත් මෙම මන්ත්‍රීවරිය පසුගිය සමයේ රටේ දැඩි අවධානයක් දිනාගනු ලැබුවේ, “ඕනෑම ඇත්තක් බොරුවක් කීමටත්, ඕනෑම බොරුවක් ඇත්තක් කීමටත් අයිතියක් ඇති” බව පැවසීම නිසාය.

එසේම ගුවන් මඟින් උගන්ඩාවට යවා තිබුණේ රාජපක්‍ෂවරුන්ගේ ඩොලර් බවට තමන් මැතිවරණ වේදිකාවේ පැවසූවද ඒ තෝමස් ඩිලාරෝ ආයතනය මුද්‍රණය කළ නෝට්ටු බව පූර්ව අවබෝධයක සිටි බව පැවසීම නිසාද ඇය ජනතා අවධානය දිනාගත්තාය.

Previous articleදේශපාලකයින්ට ආරක්ෂාව එපා කියූ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කරයි.
Next articleවටගල ගේ “බූරුවා” වෙනුවෙන් ඇමති නලින්ද කණගාටු වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here