අධිආරක්ෂිත කළාපයක පිහිටි අලුත් කඩේ අධිකරණ සංකීර්ණය අභ්‍යන්තරයේ දී ඊයේ (19) ගනේමුල්ල සංජීව ඝාතන සිදුවීමත් සමඟ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තරකර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණෙන වාහන, පුද්ගලයන් දැඩි පරික්ෂාවකට ලක් කිරීම සිදු කිරීම අරඹා තිබේ.
පාර්ලිමේන්තුව රැස්වන දින වලදී විශේෂ පරික්ෂා කිරීම් සිදු කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වුවත් වත්මන් පාලනය පසුගිය සමයේ දිගින් දිගටම අවධාරණය කර සිටියේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවයි. එබැවින් හිටපු ජනාධිපතිවරුන් ඇතුළුව ප්‍රභූන් රැසකට ලබාදී තිබූ ආරක්ෂාව අඩු කිරීමේ හැකියාව ඇති බවද ආණ්ඩුවේ ප්‍රධානීන් පෙන්වාදෙනු ලැබිණ.
එසේම 2025 අයවැය තුළද ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අඩුකර ඇත.
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ ගනේමුල්ල සංජීව ඝාතනය පාතාල ක්‍රියාවක් මිස ජාතික ආරක්ෂාවේ ගැටළුවක් නොවන බවයි.
ඒ සම්බන්ධව අමාත්‍යවරයා දැක්වූ අදහස් පහත සබැඳියෙන්.