Home අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හිටපු ජනපති ප්‍රධානත්වයෙන් තීරණාත්මක රැස්වීමකට එක්වෙයි

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හිටපු ජනපති ප්‍රධානත්වයෙන් තීරණාත්මක රැස්වීමකට එක්වෙයි

47
0

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක සාකච්ඡාවක් පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) සවස සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සඳහා සමගි ජන බලවේගය එකඟ නොවන්නේ නම් තවදුරටත් ඒ දෙස බලා නොසිට අනෙකුත් පාර්ශව සමග මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව අවසන් තීරණයක් අද ගැනීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව අනෙකුත් පාර්ශව සමග පොදු පෙරමුණක් යටතේ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට පක්ෂ දෙකෙහි පාක්ෂිකයන් හා ක්‍රියාකාරීන්ගේ දැඩි ඉල්ලුමක් ඉදිරිපත් ව තිබිණි.

මේ නිසාම පක්ෂ දෙක එක පෙරමුණකට එකතු වීමේ සාකච්ඡා පසුගිය කාලය තුළ පැවැත්විණි එහෙත් එක්වීම සම්බන්ධව සමග ජන බලවේගය මෙතෙක් ඔවුන්ගේ අනුමැතිය ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් පැවසීය.

සමගිජන බලවේගයේ පාක්ෂිකයන් හා ප්‍රධාන ක්‍රියාකාරීන් එක්වීමට කැමැත්තෙන් සිටියද පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා එකඟතාවය පළ නොකර ඔහුගේ මතයට කටයුතු කිරීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ දෙක එක්වීම සම්බන්ධව තවමත් තීරණයක් ගැනීමට නොහැකි වී ඇති බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

කෙසේ වෙතත් හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය. පක්ෂයේ ඉදිරි කටයුතු. හා අපේක්ෂකයන් තෝරාපත් කර ගත යුතු පිළිවෙල ඇතුළු පියවරයන් රැසක් සම්බන්ධව අවසන් තීරණ ගැනීමට නියමිතව ඇති බව එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පක්ෂ දෙක අතර පැවැති සාකච්ඡා සම්බන්ධව අප සමග අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ප්‍රධානියෙක් කියා සිටියේ

“මේ පක්ෂ දෙකම එකතුවන ලෙස බහුතරයක් දෙනා බල කර සිටිනවා අපි හැමෝම කියන්නේ එකතු විය යුතු බවයි. එහෙත් එහෙම නැතුව අපට මැතිවරණ දිනන්න බැහැ නමුත් අපේ සමගි ජන බලවේගය පක්ෂයේ නායකත්වය පක්ෂයේ එක් කෙනෙක් දෙන්නෙක්ගේ උවමනාවට කටයුතු කිරීම නිසා පක්ෂය මහා විනාශයකට තල්ලු වෙමින් තිබෙනවා එය හරීම අවාසනාවන්ත තත්ත්වයක් මේ නායකයා මීට වැඩිය පක්ෂය සහ පාක්ෂිකයන් ගැන සිතිය යුතුයි ” යැයි ඔහු වැඩිදුරටත් කීය.

 

Previous articleවටගල ගේ “බූරුවා” වෙනුවෙන් ඇමති නලින්ද කණගාටු වෙයි
Next articleඅභියාචනාධිකරණයේ ආරක්ෂාව තරකෙරේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here