Home අද ගණේමුල්ල සංජීව සිද්ධියට සැකපිට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට – නීතිඥ වෙසින් සිටි සැකකාරිය...

ගණේමුල්ල සංජීව සිද්ධියට සැකපිට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට – නීතිඥ වෙසින් සිටි සැකකාරිය සමග හාදකමක් ගැනත් ආරංචියක්

29
0

ගනේමුල්ල සංජීව වෙඩි තැබීමේ සිද්ධියට අදාල දැනට සැඟව සිටින ප්‍රධාන සැකකාරියක බව කියන පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ සමග දිගු වේලාවක් දුරකථන සංවාදයක නිරතව ඇති පොලිස් නිලධාරියෙක් කොළඹ අපරාධධ කොට්ඨාශය මගින් අද (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මීගමුව පොලිසියට අනුයුක්තව රාජකාරී කරන අතර ඔහු උසාවි රාජකාරී කරනු ලබන අයෙක් බව මීගමුව පොලිසිය පවසයි.

වයස අවුරුදු විසිපහක් පමණ වන මෙම පොලිස් නිලධාරියා පාදනිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබා ඇත.

Previous articleහාල් මාෆියාව අවසන් කලා සේම පාතාලයත් සම්පූර්ණයෙන් අවසන් කරන්න ජනපති වැඩ අරඹයි (PHOTOS)
Next articleවාහන ආනයන බදු ආදායම සිහිනයක් වෙයි : බදු සීමා පහළ දැමීමේ සූදානමක් ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here