Home අද මීනගයා වන අලි 06 ක් බිලි ගනී.

මීනගයා වන අලි 06 ක් බිලි ගනී.

25
0

ගල්ඔය ප්‍රදේශයේ දී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

අද (20) අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ අලි රංචුවක් ගැටී සිදුවූ අනතුරෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවත් අනතුරෙන් වන අලින් 06 දෙනෙකු ද මියගොස් ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බාධා ධාවනයවීමට නියමිතව තිබු පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.

Previous articleපළාත් පාලන ආයතන වැඩ ඇරඹීමට දින දෙමින් ගැසට් පත්‍රය ඇවිත් !
Next articleමිද්දෙණිය ඝාතනයේ මරණ සංඛ්‍යාව 3ක් වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here