Home අද පළාත් පාලන ආයතන වැඩ ඇරඹීමට දින දෙමින් ගැසට් පත්‍රය ඇවිත් !

පළාත් පාලන ආයතන වැඩ ඇරඹීමට දින දෙමින් ගැසට් පත්‍රය ඇවිත් !

26
0

සියලු මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.

252 වන අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල ප්‍රකාර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න විසින් මෙය නියමය කර ඇත.
ඊට අනුව ,
1) මහා නගර සභා 27ක්
2) නගර සභා 36ක්
3) ප්‍රාදේශිය සභා 274 ක්

අදාළ දිනයේ සිට සිය කටයුතු ආරම්භ කළ යුතුව ඇත.

මීට අදාළ පළාත් පාලන ජන්ද විමසීමේ දිනය මැතිවරණ කොමිසම විසින් ගැසට් කිරීමට නියමිත අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එය එළැඹෙන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට ඉඩ තිබේ

Previous articleශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති රජීව් !
Next articleමීනගයා වන අලි 06 ක් බිලි ගනී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here