Home අද ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි (PHOTOS)

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි (PHOTOS)

47
0

නීතිඥවරයකු ලෙස පැමිණ අලුත් කඩේ අධිකරණය තුළදී ගනේ මුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කර පලායමින් සිටි වෙඩික්කරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අද (19) සවස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට සැකකරු වෑන් රථයකින් පලායමින් සිට ඇති අතර ඔහු යුද හමුදාවේ කමාන්ඩෝ බලකායේ හිටපු සෙබළෙකු බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

No description available.

No description available.

No description available.

අද උදේ 10.15 ට පමණ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 දරන අධිකරණය තුල අපරාධ කල්ලි නායකයකු වන ගනේ මුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

විත්තිකරු විත්ති කූඩුවෙන් බැසීමට උත්සාහ කළ අවස්ථාවේ නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා විත්තිකරුගෙන් යමක් විමසාන මුවාවෙන් ඔහු අසලට ගොස් වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබූ පුද්ගලයා ඒ සඳහා භාවිත කළ රිවෝල්වරය ඒ ආසන්නයේ දමා විත්තිකූඩුවට ළඟම ඇති දොරටුවෙන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි

Previous articleඅයවැය ප්‍රධාන ආදායම් ක්‍රමවේදය : වාහන ආනයනය !
Next articleශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති රජීව් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here