ඉකුත් 09 වැනිදා රටපුරා සිදුවූ විදුලිය විසන්ධි වීමට හේතුව වදුරා යැයි නිතරම ප්‍රකාශ කරන්න එපා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් විසින් රට පුරා විදුලි විසන්ධි වීමට හේතුව කුමක්දැයි කියා විදුලි බල අමාත්‍යවරයාගෙන් වාචික පිළිතුරු බලාපොරොත්තුවෙන් විමසූ අවස්ථාවේදීය.
එහිදී විදුලි බල අමාත්‍යවරයා වෙනුවෙන් පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
තව දින කිහිපයකින් අදාල වාර්තාව විදුලි බල අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.රටපුරා විදුලි බලය විසන්ධි වීමට හේතුව ලෙස විදුලි බල අමාත්‍යවරයා පැවසුවේ පානදුර විදුලි උප පොළට වදුරෙක් වැටීම බවද ඉන් ජාත්‍යන්තරයට ලංකාවේ විදුලි පද්ධතිය ගැන වැරදි මතයක් ගොඩ නැගී ඇතැයි ද රවි කරුණානායක මහතා මෙහිදී සදහන් කළේය.