Home අද බලය ගත්තේ රට අනුරට කියලා – ඒ වුනාට ජනාධිපති IMF වහලෙක් වෙලා...

බලය ගත්තේ රට අනුරට කියලා – ඒ වුනාට ජනාධිපති IMF වහලෙක් වෙලා – විපක්ෂ නායක

76
0

රට අනුරට කියා බලය ගෙන අයවැය හරහා රටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF ) යටපත් කර ඇති බවත් ජනාධිපතිවරයා IMF වහලෙක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයාගේ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව සංසදනය කළ යුතු බවත් මේ තුළ අඩංගු පොරොන්දු මේ අයවැයේ කොපමණ ක්‍රියාත්මක කර ඇත්ද කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා කීය.

රට අනුරට කියන මේ ප්‍රතිපත්ති මාලාව තුළ ලොකු කේක් ගෙඩියක් හදනවා කියා පොරොන්දු වුවත් රට අනුරට නොව රට IMF එකට ගිය වගනම් පෙනෙන්න ඇති බව කී විපක්ෂ නායකවරයා IMF එකේ සීමාවන් තුළ අයවැයේදී කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.

අයවැයට අනුව ප්‍රාථමික ශේෂය 2.5ක් නඩත්තු කරමින් ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදනයේ වියදමක් ලෙස සියයට 13 ක් කළ යුතු බවත් 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ සියයට 13ක සීමාව අයිඑම්එෆ් න්‍යාය පත්‍රයක් බවත් සඳහන් කළේය.

ප්‍රාථමික ශේෂය 2.5ක් පවත්වාගෙන යාමම අයි එම් එෆ් එකේ නිර්දේශ බව පැහැදිලිවම ඉතාමත්ම සීමාසහිත සම්පත් ප්‍රමාණයක් ආයෝජනය වෙනුවෙන් වෙන් කර ඇති බවත් මෙම අයවැය රටේ ප්‍රශ්න වලට විසදුම් නැති අයවැයක් බවත් විපක්ෂ නායකවරයා කීය.

මෙම අයවැය තුළ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය උගුලට, දුප්පත්කම තුරන් කරන්න විසදුම් නොමැති ඉහළ ආර්ථික වර්ධනයක් ව්‍යවසායකත්වය හරහා නඩත්තු කිරීමක් මේ තුළින් සිදුනොවන බවත් වැවිලි කර්මාත්නය කෘෂිකර්මාතය හා ධීවර ක්ෂේත්‍රයට අදාළව දුන් පොරොන්දු ඉටු කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලුත් ණය ප්‍රතිව්‍යුහගත කරණ ගිවිසුමකට යනවා යැයි මැතිවරණ වේදිකාවේ කිව්වත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කෙළින්ම යන්නේ අයිඑම්එෆ් එක අඩි පාරේ බවත් තමා බලයට පැමිණියත් අයි එම් එෆ් රාමුවට අනුව කටයුතු කළ යුතු වුවත් එහි දී තමා ජනතාවාදී වැඩපිළිවෙළක කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

වත්මන් ජනාධිපතිවරයා ජනතාවාදී නොවන බවක් පෙනෙන්නට ඇති බවත් මේ අයවැයට සංශෝධන ඉදිරිපත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ට මාස හයෙන් හයට වැටුප් වැඩිවීම සිහිනයක් කර වත්මන් ජනාධිපතිවරයා ජනවරමට පිටුපා අයිඑම්එෆ් එකේ ප්‍රාණ ඇපකරුවකු වී ඇති බවත් මේ අයවැය කතාව හා ප්‍රතිපත්ති මාලාව සංසන්දය කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මාස 6න් 6ට රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් ගැන කිව්වත් අවසානයේ වැටුප් වැඩිවන්නේ වසර 3ක් තුළ සොච්චම් මුදලකින් කරන බව කී එය අද පවතින ජීවන වියදමට ප්‍රමාණවත් නොවන අතර පෞද්ගලික අංශයට කුඩම්මාගේ සැලකිල්ල දක්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය.

Previous articleඑදා 20,000ක් ඉල්ලා පෙරමුණ ගත් නායකයෝ අද සමස්ත රාජ්‍ය සේවයේම බලාපොරොත්තු සුනුවිසුණු කළා – රාජ්‍ය පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තිය සමිති සම්මේලනය
Next article18% වැට් බද්ද වැඩියි. ඒක අඩු කරන්න ඕනේ – පළමු අයවැයෙන් සියල්ල උඩුයටිකුරු කරන්න බැහැ – නියෝජ්‍ය ආර්ථික සංවර්ධන ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here