Home අද පොරොන්දු කැඩුවා – රැවට්ටුවා : ගුරු විදුහල්පතිවරුන් මහින්ද ජයසිංහ අමතයි !

පොරොන්දු කැඩුවා – රැවට්ටුවා : ගුරු විදුහල්පතිවරුන් මහින්ද ජයසිංහ අමතයි !

478
0

ගුරු – විදුහල්පති වැටුප් වැඩිවීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, පසුගිය සමයේ ඒ සම්බන්ධව වැඩවර්ජන විරෝධතා මෙහෙයවූ වෘත්තීය සමිති නායකයකු වන මහින්ද ජයසිංහ වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වීමෙන් පසුව ගුරු – විදුහල්පතිවරුන්ට දරුනු සමච්චලයක් සිදුකර ඇති බවටත් චෝදනා නැඟෙමින් තිබේ.

නව ආණ්ඩුවේ මංගල අයවැය (2025 අයවැය ) ඉදිරිපත් කිරීමට සමගාමීව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ගේ ෆේස්බුක් ගිනුමේ සටහන් තබමින් ගුරු – විදුහල්පතිවරුන් රැසක් මේ චෝදනා ඉදිරිපත් කරමින් සිටිති.

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ සිය දේශපාලන බල අපේක්ෂා ඉටුකර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ තමන්ව පාවිච්චි කර තිබෙන බවයි.

එසේම විපක්ෂයේ සිටියදී දියත් කළ මූලික ඉල්ලීමක් වූ 2/3 වැටුප සම්බන්ධව කිසිදු සඳහනක් නොමැති බවත් පෙන්වාදෙන ගුරු විදුහල්පතිවරුන් ඊළඟ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසත් එහිදී තම පණිවිඩය ආණ්ඩුවට දැනගන්නට සලස්වන බවත් සඳහන් කර ඇත.

තවද පසුගිය ආණ්ඩු සමයේ මෙවැනි අවස්ථා වලදී facebook live පැමිණෙන මහින්ද ජයසිංහ මේ අවස්ථාවේ එය මඟහැර සිටීම සම්බන්ධවද ඔවුන් ප්‍රශ්න කර තිබේ

Previous articleනව වැටුප් සංශෝධනය නිසා අවැඩක් වෙලා : වෛද්‍යවරුන් ඇතුළු ඉහල වෘත්තිකයන් ආතතියෙන් !
Next articleනාමල්ට අධිචෝදනා – ඇප මත මුදා හැරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here