මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) දහවල් මැතිවරණ කොම්ෂන් සභාවේදී පැවැත්වේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ කරුණු සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි විපක්ෂයේ පක්ෂ නායකයෙක් පැවසීය.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඊයේ(17 ) රාත්‍රියේ පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර ඊට කතානායකවරයාගේ අනුමැතිය ඊයේ රාත්‍රියේ ම ලබා දී තිබිණි.
මෙම විශේෂ විධිවිධාන පනත් ගැටුම්පත බලාත්මක වීමත් සමග සමග මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පළාත් පාලන මැතිවරණ දින වකවානුව ප්‍රකාශයට පත්කිරීමේ හැකියාව තිබේ.
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන්ගේ එම ඇප මුදල් තවමත් ඔවුන්ට ලැබී නැති බැවින් එම ඇප මුදල් මෙවර පළාත් පාලන මැතිවරණයට අදාල කර ගන්නා ලෙස විපක්‍ෂය මැතිවරණ කොමිසමෙන්
ඉල්ලා සිටීමට අපේක්ෂාකරයි.
ඒ අනුව මේ වනවිට අපේක්ෂකයින් 80,000 පමණ ඇප මුදල් භාණ්ඩාගාරය සතුව තිබෙන බවත් එම මුදල් මෙවර මැතිවරණයේ අපේක්ෂක ඇප තැන්පතු සඳහා යොදා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද දැනුම් දීමටද විපක්ෂය තීරණය කර තිබේ.