ආර්ජන්ටිනා ජනාධිපති හාවියර් මිලෙයිහට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ආර්ජන්ටිනා ජනාධිපති හාවියර් මිලෙයි සමාජ මාධ්‍ය භාවිතා කරමින් ක්‍රිප්ටෝ කරන්සි ප්‍රවර්ධනය කළ බවට චෝදනා එල්ල වන අතර ඒ හේතුවෙන් ජනාධිපතිවරයා වංචාවකට සම්බන්ධ බව එරට විපක්ෂය චෝදනා කරන බව සඳහන් වේ.
ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ද එරට විපක්ෂය පවසන බව විදෙස් වාර්තා දක්වයි.
මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව එරට අපරාධ අධිකරණයේ චෝදනා ගොනුකිරීමට නීතිඥවරුන් කණ්ඩායමක් කටයුතු කර ඇති බවද වාර්තා වේ.