Home අද “හරි හරි අපි වෙලාවක බලමු” – මහින්ද ගිය ආරාමයේ දොර වැහුන...

“හරි හරි අපි වෙලාවක බලමු” – මහින්ද ගිය ආරාමයේ දොර වැහුන මහින්ද කියයි

241
0

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට අනුබද්ධ , ගම්පහ යාගොඩ ඉඹුල්ගොඩ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට බව කියමින් ඒ වෙත ඇතුල්වීමට ගිය කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ඇතුළු ජාතික ජනබලවේගය පක්ෂයේ පිරිසකට අද (16) ආපසු හැරීයාමට සිදුව තිබේ.

වාර්තා වන ආකාරයට එම ස්ථානයේ නිරීක්ෂණයට කියමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණ තිබෙන්නේ කිසිඳු පූර්ව දැනුම්දීමකින් තොරවය.

භාවනා පුහුණු මධ්‍යස්ථානයක් බැවින් සහ එම අවස්ථාවේ වගකිවයුතු හිමිනමක් එම ස්ථානයේ නොසිටි බැවින් මාධ්‍ය ඉදිරිපිට ගනුලැබූ දුරකථන ඇමතුමකින් අනතුරුව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ප්‍රමුඛ ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

කෙසේ වුවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙම ස්ථානයට පැමිණ තිබෙන්නේ සාමාන්‍ය නිරීක්ෂණ කටයුත්තක් සඳහා නොවන බව අදාළ දුරකථන ඇමතුම ගනුලබන ස්වරූපයෙන් පැහැදිලි වෙයි.

එසේම නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සමඟ එම ස්ථානයට පැමිණ සිටි ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් ද, අපහාසාත්මක ලෙස ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානය සම්බන්ධව අදහස් දක්වනු දකින්නට ලැබිණ.

මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ නිර්මාතෘ හා එහි උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් ගේ මූලිකත්වයෙන් ගම්පහ යාගොඩ ඉඹුල්ගොඩ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානය අරඹා ඇත.

2012 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අදාළ කටයුත්ත සඳහා මෙම ස්ථානය පවරාදී තිබේ. එතැන් පටන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට අනුබද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන ගොස් තිබේ.

ඒ වන විටත් ඉඹුල්ගොඩ ගමට පන්සලක් තිබූ බැවින් එම විහාරස්ථානයේ නායක හිමිගේ ඉල්ලීම මත මෙම ස්ථානය භාවනා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පමණක්ම පවත්වාගෙන ගොස් ඇති අතර සාමාන්‍ය පන්සලක කටයුතු සිදුකර නොමැත.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට භාවනා පුහුණු කටයුතු සඳහා හැර සති දෙකකට වරක් ප්‍රදේශවාසීන් වෙනුවෙන් භාවනා වැඩසටහන් පැවැත්වීම මෙහි සිදුව ඇත. වාර්තා වන ආකාරයට මෙම ස්ථානය සාමාන්‍ය පන්සලක් හෝ ආරණ්‍ය සේනාසනයක් නොවේ. එසේම මෙය පැය 24 ම විවෘතව තැබෙන ස්ථානයක්ද නොවේ. මේ බවද අද මේ වෙත පැමිණි කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ට ගැටළුවක්වූ බව දකින්නට ලැබිණ. එසේම මේ ස්ථානයේ සියලු ඉදිකිරීම් විදෙස් ආධාර මත සිදුකර ඇති අතර ඒ අතිපූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන් ගේ අප්‍රතිහත ධෛර්යයෙනි.

කෙසේ වුවත් යාපනය තිස්ස විහාරය ආශ්‍රිතව බරපතළ ගැටළු කාරී තත්ත්වයක් උද්ගතව තිබියදී නෑසූ කන් ඇති ආණ්ඩුවේ මැති ඇමතිවරුන් , දශක හතරකටත් අධික සාසනික දිවිමගේ උත්තුංග සාසනික සහ ජාතික කර්තව්‍යයක නිරත බෝදාගම නාහිමියන් යටතේ පරිපාලනය වන මෙවැනි කීර්තිමත් ස්ථානයක් ඉදිරිපිට මාධ්‍ය සංදර්ශන පවත්වනුයේ ඇයිද යන්න ගැටළු සහගතය

Previous articleනව රජයේ මංගල අයවැය අද
Next articleහමුදා සෙබළුන්ගේ පාස්පෝට් එකතුකරපු හේතුව මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here