හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට මාධ්‍ය වල පල කර ඇති ප්‍රවෘත්තිය සාවද්‍ය බව ජාතිත ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි විසින් නිකුත්කර ඇති එම ලිපිය අනුව ජල සැපයුම විසන්ධි කර තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවස අසළ වූ වෙනත් ස්ථානයකය.
හිඟ මුදල් නොගෙවීම නිසා එලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බවත් එම ස්ථානයේ මීට පෙර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් සිට ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇති අතර සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .