ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට පැමිණ තිබේ.
උදෑසන 10ට පමණ ජූලි චන්ග් මහත්මිය කාර්යාලයට පැමිණ ඇති අතර, ඇය පැය එකහමාරකට අධික කාලයක් එහි රැඳී සිට පොදුජන පෙරමුණේ සාමාජිකයන් සමඟ සාකච්ඡාවක නිරතවී තිබේ.
පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සංජීව එදිරිමාන්න, සී.බී. රත්නායක, ජයන්ත කැටගොඩ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක යන මහත්වරුන් මෙලෙස තනාපතිනිය සමඟ සාකච්ඡාවට එක්ව තිබේ.