Home අද යෝ සහ ඩේසිට නීතිපති විසින් අධිචෝදනා ගොනුකෙරේ !

යෝ සහ ඩේසිට නීතිපති විසින් අධිචෝදනා ගොනුකෙරේ !

54
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කර තිබේ.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කරගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර ඇත.

මීට අදාළව පසුගියදා යෝෂිත රාජපක්‍ෂ ව අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඇප මත මුදා හැර තිබුණි.

Previous articleජුලී චන්ග් පොහොට්ටු කාර්යාලයට!
Next articleනිල නිවාස කුලිය වැඩිකරන්න මාලිමා මන්ත්‍රීලා විරුද්ධ වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here