Home අද සරසවි සේවකයෝ දැවැන්ත සටනකට සැරසෙති

සරසවි සේවකයෝ දැවැන්ත සටනකට සැරසෙති

42
0

මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ වසර ගණනාවක සිට පවතින අනධ්‍යන කාර්ය මණ්ඩල ගැටලු සඳහා වත්මන් රජය විධිමත් අවධානයක් යොමු නොකරන්නේ නම් ශිෂ්‍ය සංගම්වලද සහාය ලබාගෙන ඉදිරියේදී දැවැන්ත ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග අනුව වාර්තා වේ.

මෙම ගැටළු විසඳා ගැනීම සඳහා මෙරට සියලු විශ්වවිද්‍යාල ඒකාබද්ධව මාස තුනකට ආසන්න වෘත්තිය ක්‍රියාමාර්ගක් දියත් කළ බවත් ගැටලු විසඳා දෙන බවට එවකට රජය විසින් ලබාදූ පොරොන්දු මත එම වෘත්තිය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිට වූ බව පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තිය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති ඩී.ඒ.ඩී. සුරංජීව මහතා ද අදහස් පළකර තිබුණි.

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 3000කට අධික ප්‍රමාණයක් තිබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් පුරප්පාඩු 500ක් ඇති බවත් එම සේවක හිගය හේතුවෙන් ශිෂ්‍යයන් මෙන්ම වෙනත් අභ්‍යන්තර සේවා සැපයීමේදී ගැටළු මතුවී ඇති බවද ඒ මහතා කියයි. මෙම පුරප්පාඩු හේතුවෙන් අනධ්‍යයන කාර්යය මණ්ඩලය ඇතැම් තනතුරු අහෝසි කොට තිබෙන බවදට චෝදනා කරන සුරංජීව මහතා විශ්ව විද්‍යාලවල නිල නිවාස හා නේවාසිකාගාර ඉතා පැරණි අබලන් තත්වයේ තිබෙන බවටද චෝදනා කරයි

Previous articleතායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් නොකරන්න – චීනය ඇමෙරිකාවෙන් ඉල්ලයි
Next articleනීතිපති රැක ගැනීමට නීති නිලධාරීන් පෙරට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here