අධිකරණ නියෝගය කඩ කරමින් කන්කසන්තූරේ තිස්ස විහාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට හෙට (14) මල්ලාකම් අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.
තිස්ස රජමහා විහාරස්ථානයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාසය තුළ කිසිදු විරෝධතාවක් නොපවත්වන ලෙස අධිකරණය මගින් ලබා දී තිබූ නියෝගය කඩ කරමින් මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමඟ විහාරස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.
මන්ත්‍රීවරයාට එම ප්‍රදේශයට පැමිණීම තහනම් කර තිබියදී එය නොතකා පිරිසක් සමග එක්ව විරෝධතාව ව්‍යාපාරයක් සංවිධානය කර කළු කොඩි ඔසවා විරෝධතා පැවැත් වූ බවට පොලිසිය විසින් තොරතුරු ඉදිරිපත් කර ඇත.
ඒ අනුව හෙට දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සිතාසි නියෝග කරතිබේ