Home අද රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට !

රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට !

617
0

ජනතාවගේ භවභෝග වලට මහත් හිරිහැරයක් බවට පත්වී ඇති රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ට බාරදී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඒ යටතේ මේ වන විට දූපතක් ද සොයාගෙන ඇති බවත් අල්ලනු ලබන රිලවුන් ඒ වෙත ගෙනයනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය .

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යට අදහස් දක්වමිනි.

රිලවුන් චීනයට යැවීමට සහ ඝාතනය කිරීමට පාර්ශ්ව අකමැති බැවින් මෙම තීරණය ගනුලැබූ බවද ඔහු පැවසීය.

සාමාන්‍යයෙන් රිලා රංචුවක 7- 133 ත් අතර ගහණයක් සිටින බවත්, රිලවුන් අධ්‍යයනය කරමින් තමන් මේ වන විට එහි විශේෂඥයකු වී සිටින බවත් ඇමති ලාල් කාන්ත වැඩිදුරටත් සඳහන් කළේය

Previous articleලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය අත්හිටුවයි !
Next articleවිශේෂ රැස්වීමක් වෙනුවෙන් පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here