Home අද රජයේ වී ගබඩා තවමත් හිස් !

රජයේ වී ගබඩා තවමත් හිස් !

55
0

වී මිලදී ගැනීම සඳහා රජය සතු සියලු ගබඩා විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන ඇති නමුත් මේවන තෙක් වී අලෙවි මණ්ඩලය වෙත ගොවීන් වී ලබා දී නොමැති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසයි.

කෙසේ වුවත් මේ වන විට ඇතැම් ගොවීන් විසින් සිය අස්වනු නියැදි පරීක්ෂාව සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත ලබාදී තිබෙන බවද ඔහු පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මේ බව සඳහන් කර සිටියි.

මේ අතර අනුරාධපුර මහාවාරි ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක ද මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් පවසන්නේ ගොවීන් සිය අස්වනු වලින් කොටසක් හෝ වී අලෙවි මණ්ඩලය වෙත ලබා දියයුතු බවයි.

කුමන රජය පැමිණියත් වගාවට අවශ්‍ය වතුර පොහොර කළමනාකරණය කර දෙන බවත්, එය රජයක යුතුකම බවත් සිහිපත් කළ ඔහු එකී යුතුකම ඉටුකර, වී සඳහා ද සහතික මිලක් දීමත් නිසා රජයටත් වී සැපයීම ගොවීන්ගේ ද යුතුකම බව පවස

Previous articleවිශේෂ රැස්වීමක් වෙනුවෙන් පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි
Next articleරටම අඳුරේ තිබ්බේ ඉංජිනේරු වඳුරෝ – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here