ලෝක රාජ්‍ය සමුළුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී අද(11) ආරම්භ වේ.
අනිද්දා(13) දක්වා පැවැත්වෙන එම සමුළුවට සහභාගී වීම සඳහා මෙරටින් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ අතර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුවේ මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුව තිබේ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (12) පස්වරුවේ ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද ජනාධිපතිවරයා සමඟින් මෙම සංචාරයට එක්ව සිටියි.