Home අද USAID මුදල් ගත්ත ආණ්ඩුවේ සහ විපක්ෂේ නම් එළියට දැම්මේ නැත්නම් මම දානවා...

USAID මුදල් ගත්ත ආණ්ඩුවේ සහ විපක්ෂේ නම් එළියට දැම්මේ නැත්නම් මම දානවා – විමල්

315
0

USAID අයතනය මගින් මුදල් ලබාගත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් පිළිබඳව විමර්ශනයක් සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධව ආණ්ඩුව පියවර නොගන්නේ නම් මුදල් ලබා ගත් සියලු දේශපාලනඥයින්ගේ නම් ඉදිරියේ තමන් රටට හෙළි කරන බව ඒ මහතා පැවසීය.

මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ විමල් වීරවංශ මහතා USAID ආයතනයෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන් අතර ජාතික ජන බලවේගයේ අයද සිටින බව අනාවරණය කළේය.

මෙරට තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධව වැඩමුළු පැවැත්වීමට අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් එම ආයතනය මගින් වැය කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සහ වෙනත් කණ්ඩායම් සඳහා ඩොලර් මිලියන ගණනින් වැය කර ඇති බව පෙන්වා දෙන වීරවංශ මහතා මේ සියල්ල රටට හෙළි කිරීම ආණ්ඩුවේ වගකීමක් බව වැඩිදුරටත්  පෙන්වා දුන්නේ

Previous articleලෝක බලවතා හමුවීමට නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවට
Next articleක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් පවුල් පිටින් ඔසී ගිහින් ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here