ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා මෙන්ම ස්වාධීන ධුරයක් විය යුතු කතානායක වරයාගේ වැටුප පක්ෂ අරමුදලකට බැරකෙරෙන බව සඳහන් කිරීමෙන් එම ස්වාධීනත්වය පිළිබඳ ගැටළුවක් ඇතිවන බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ වැටුප පක්ෂයේ පොදු අරමුදලකට යන බව එම පක්ෂය විසින් පවසා ඇති බව සඳහන් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම කතානායක ධුරය හෑල්ලුවට ලක් නොකර වත්මන් කතානායකවරයාට හිමි නිල නිවස සහ නිල රථය ඔහුට ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය නිල නිවස සහ නිල රථය භාවිත කරනවා නම් තෙවන පුරවැසියාට හිමි එම වරප්‍රසාදය ලබා නොදෙන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.
වත්මන් කතානායකවරයාට හිමි නිල රථය සහ නිල නිවස ලබා නොදීමෙන් රජය කතානායක ධූරය හෑල්ලුවට ලක් ලක්කර තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.