Home අද ඉරිදා දිනවල ජාතික විදුලි පද්ධතිය අවධානමේ බව ඇමතිවරයා වේලාසනින් දැනුවත් : බරපතළ...

ඉරිදා දිනවල ජාතික විදුලි පද්ධතිය අවධානමේ බව ඇමතිවරයා වේලාසනින් දැනුවත් : බරපතළ චෝදනාවක් !

54
0

එක දිගට ඉරිදා දින 08ක් ජාතික විදුලි පද්ධතියේ අසමතුලිතභාවයක් සහ භයානකභාවයක් නිරීක්ෂණය වන බව ඉංජිනේරුවන් විසින් ඇමතිවරයාට දැනුම් දී තිබූ පසුබිමක ඒ සම්බන්ධව ගත් ක්‍රියාමාර්ග මොනවාද කියා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විමසා සිටියි.

ඊයේ සිදු වූ විදුලි බිඳ වැටීමට ද උදෑසන වඳුරෙකු ගැනත්, පසුව පද්ධතියේ අසමතුලිත භාවය ද , අනතුරුව වත්මන් රජයේ සුපුරුදු වැඩපිළිවෙළ අනුව පසුගිය රජයට චෝදනා කිරීමට විදුලි බල ඇමතිවරයා කටයුතු කරමින් ඇතැයිද ඒ මහතා පෙන්වාදෙයි .

අද (10) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වූ අතර සියල්ලට ආණ්ඩුවට චෝදනා කිරීම විපක්ෂයේ සිටිය දී කළ හැකි වුව ද ආණ්ඩුවේ සිටිය දී එය කිරීම කැත බවද පැවසීය.

එසේම විදුලිය බිඳවැටීමෙන් ආර්ථිකයට සිදුවන හානිය සම්බන්ධවද මන්ත‍්‍රීවරයා අවධානය යොමුකළේය .

Previous articleවැලන්ටයින් දවසේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවෙයි !
Next articleමෙක්සිකෝ බොක්ක ඇමෙරිකා බොක්ක වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here