Home අද වැලන්ටයින් දවසේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවෙයි !

වැලන්ටයින් දවසේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවෙයි !

62
0

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් එළැඹෙන 14 සිකුරාදා කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා ය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද ( 10) නියෝජ්‍ය කථානායක රිස්වි සාලි ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කථානායකවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙම කැඳවීම සිදු කර තිබේ.

එසේම පෙබරවාරි 14 වැනිදා මෙම පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.

මේ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 17 වැනි සඳුදා ‍ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයා පැවසීය.

තවද විපක්ෂය විසින් පනත් කෙටුම්පතට අදාළව ගෙනෙනු ලබන සංශෝධන පෙබරවාරි 17 වැනිදා පෙ.ව 10.00ට පෙර ලබාදීමටත් මෙහිදී එකඟත්වය පළවී ඇත.

එසේම ජනාධිපතිවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පෙර තීරණය කළ පරිදි ලබන 17 වැනි සදුදා ‍පෙ.ව 10.30ට සිදු කිරීමට නියමිත බවද වැඩබලන මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleඔබේ ප්‍රදේශයේ විදුලි කප්පාදුව සිදුවන හැටි මෙන්න
Next articleඉරිදා දිනවල ජාතික විදුලි පද්ධතිය අවධානමේ බව ඇමතිවරයා වේලාසනින් දැනුවත් : බරපතළ චෝදනාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here