Home අද නීතිපතියට නීති සංශෝධනයක් !

නීතිපතියට නීති සංශෝධනයක් !

54
0

නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත් වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම් දිය යුතු බවට වූ නීති සංශෝධනයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදු කරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පාර්ලිමේන්තු පවසා ඇත.

ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම කරුණ සඳහන්ව ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

නීතීඥ උපුල් කුමාරප්පෙරුම මව්බිම පුවත්පතට ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කර ඇත.

එහිදී නීතිපතිවරයා යනු රාජ්‍ය පාලනයෙන් කොටසක් බවත් ඒ අනුව නීතිපතිවරයා මහජනයාට පිළිතුරු දීම රාජ්‍ය පාලනයේ වග වීමේ කොටසක් බවත් ඔහු විසින් පෙන්වාදී ඇති අතර අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

සමාජයීය වශයෙන් ඉහළ අවධානයක් යොමු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය වැනි සිදුවීමකදී එහි සාක්කිකරුවන් නිදහස් කිරීම ගැන රටට කරුණු පැහැදිලි කිරීමට නීතිපතිවරයාට යුතුකමක් ඇතැයිද ජනාධිපති නීතිඥවරයා පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල විශ්වසනීයත්වය බිඳවැටෙන්නේ එවැනි අවස්ථාවල මුනිවත රකින්න ප්‍රතිපත්තියෙන් යැයි කුමරප්පෙරුම මහතා කීවේය.

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන ආණ්ඩු කාල වලදී සුවිශේෂී නඩුවලින් ඇතැම් පුද්ගලයන් නිදහස් කිරීමට නීතිපතිවරයා කටයුතු කළේ යැයි ද මහජනතාව ජාතික ජන බලවේගයට රාජ්‍ය බලය ලබා දුන්නේද එවැනි තත්ත්වයන් වැළැක්වීමට යැයිද ඔහු පැවසීය.

Previous articleඇල්ල ඔඩිසි නානුඔය – අද සිට ක්‍රියාත්මකයි
Next articleමන්ත්‍රිවරුන්ගේ නිල නිවාස කුලී සංශෝධන යෝජනාව ප්‍රතික්ෂේපයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here