Home අද තෝරයායේ මාරක බස් අනතුරක් – 04 ක් මරුට

තෝරයායේ මාරක බස් අනතුරක් – 04 ක් මරුට

49
0

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී අද (10) අලුයම පෞද්ගලික මගී බස්රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයින් හතර දෙනෙක් මිය ගොස් 28 දෙනෙකු තුවාල ලබා ඇත.

කදුරුවෙල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මගින් ගැනීම සඳහා නවතා තිබියදී එම රථයේ මාදුරුඔය සිට කොළඹ බලා අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලැබූවන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

බස් අනතුරෙන් මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් එක් අයෙකු සහ පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

රෝහල් ගත කර සිටින පුද්ගලයින්ගෙන් හතර දෙනකුගේ තත්වය තරමක් බරපතල බව අප කළ විමසුමකදී රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.

Previous articleලෝක රාජ්‍ය සමුළුව සඳහා ජනපති එක්සත් අරාබි එමීර් යයි
Next articleයාපනය විශ්වවිද්‍යාලයේ ගැටුමක් – දෙදෙනෙකුට තුවාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here