Home අද මේකට මම සම්බන්ධ නෑ – පුවත අසත්‍යයි – ඇමති සුනිල් සෙනෙවි පොලිසි...

මේකට මම සම්බන්ධ නෑ – පුවත අසත්‍යයි – ඇමති සුනිල් සෙනෙවි පොලිසි යයි

323
0

පරිසරවේදී සජීව චාමිකර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පළකර ඇති පරිදි සිංහරාජ පිවිසුමේ කැනීම් සිදුකරනු ලබන සුනන්ද දීපාල් නම් ව්‍යපාරිකයකයා තමන්ගේ මිතුරකු නොවන බව අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසනවා.

පරිසරවේදී සජීව චාමිකර මහතාගේ ෆේස්බුක් සටහන ඇසුරෙන් “සුනිල් සෙනවි ඇමතිගේ ව්‍යාපාරික මිතුරා : සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා ! (නම් ගම් සහිත අනාවරණය මෙන්න)” ලෙස සමාජ මාධ්‍ය තුළ පළකර ඇති පුවතක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එම පුවත සම්පූර්ණ අසත්‍යක් බවත් එවැනි පුවත් පලකරනු ලබන්නේ දුෂ්ඨ අදහසකින් බවත් අමාත්‍යවරයා කියා සිටියා.

මෙම පුවත හේතුවෙන් පෞද්ගලිකව අමාත්‍යවරයාටත් රජයටත් මේ වනවිට කරගෙන යනු ලබන වැඩපිළිවෙලටත් බරපතල හානියක් සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

සුනන්ද දීපාල් නමින් මිතුරකු ඔහුට නොමැති බවත් එම පුද්ගලයාව ඔහු දුරින් එක් වතාවක් පමණක් දැක ඇති බවත් මෙම පුවත පළවීමෙන් අනතුරුව ඔහුගේ දුරකථන අංකය සොයාගෙන ඔහුට කතා කළ බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

පොලිස් පරිඝනක විමර්ශන අංශයේ සමාජ මාධ්‍ය ඒකකයේ පෙබරවාරි මාසයේ 08 වැනිදා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ බවත් ඒ සම්බන්ධයෙන් දැඩිව සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියා.

අමාත්‍යවරයා දැක්වූ අදහස් මෙතැනින්

පරිසරවේදී සජීව චාමිකර මහතාගේ ෆේස්බුක් ගිණුමේ සටහන ඇසුරෙන් Newshub.lk පළකළ පුවත පහළින්

සුනිල් සෙනවි ඇමතිගේ ව්‍යාපාරික මිතුරා : සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා ! (නම් ගම් සහිත අනාවරණය මෙන්න)

Previous articleරටටම විදුලිය නැතිවීමට හේතුව වඳුරාද? පසුගිය රජයද..? – ඇමැති හෙළිකරයි
Next articleලෝක රාජ්‍ය සමුළුව සඳහා ජනපති එක්සත් අරාබි එමීර් යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here