ජනාධිපති අනුර දිසානායක ගේ දමිළ මාධ්‍ය ෆේස්බුක් පිටුව අවභාවිත කරමින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියට එරෙහිව සකසනු ලැබූ ” ප්‍රකාශයක්” එම පිටුව ඔස්සේ මුදාහැරීම “flase information ” ලෙස වර්ගීකරණය කිරීමට යාමෙන් Factcrescendo – Sri Lanka බරපතළ වෘත්තීය විෂමාචාර චෝදනාවකට ලක්ව තිබේ.
ඒ අදාළ සිදුවීම සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) වෙතින් පමණක් කරුණු තහවුරු කරගෙන ඉදිරිපත් කිරීම පදනම් කරගෙන ය.
.
අප නිරීක්ෂණය අනුව , ජනාධිපති අනුර කුමාර දිසානායක නොහොත් රටේ මුල් පුරවැසියා ගේ දමිළ මාධ්‍ය ෆේස්බුක් පිටුව යොදාගෙන දේශපාලන මඩක් ගැසීමත්, පසුව මිනිත්තු කිහිපයක් තුළ ඉවත් කිරීමත් සිදුව ඇති බව නිරෝෂ් මෛත්‍රී මාධ්‍යවේදියා අනාවරණය කර තිබිණ.
මේ සම්බන්ධව X, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ අවධානය යොමුව තිබූ අතර , අනතුරුව මෙරට වගකීම් සහගත, දුස්තොරතුරු අධීක්ෂණය කරන Factcrescendo – Sri Lanka ඒ පිළිබඳව වාර්තාවක් නිකුත්කර තිබිණ.
එය මුළුමනින්ම ඒකපාර්ශ්වික විමසීමක් හරහා එනම් චෝදනාව ලැබූ ජනාධිපති මාධ්‍ය අංශයේ විමසීමකට පමණක් සීමාව තිබූ අතර, ඊට සමානව තවත් දුස්තොරතුරු වූ බව දක්වන Post කිහිපයක් ද දක්වා තිබිණ. ඒ හරහා නිගමනය කර තිබුණේ අදාළ තොරතුර flase information වශයෙනි .
ජනපතිගේ නිල ෆේස්බුක් ගිණුමේ ස්ක්‍රීන් ශොට්ස් ලෙස පළවන සටහන් පිලිබඳ කරුණු දැක්වීමක්!
ඒ සමඟ ආණ්ඩුව හිතවාදි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් Factcrescendo – Sri Lanka අනාවරණය සිය සමාජ මාධ්‍ය ගිනුම් හරහා ප්‍රචාරය කරමින්,අදාළ තොරතුර “ජනාධිපතිට එරෙහි ” දේශපාලන මඩක් ” ලෙස හඳුන්වනු ලැබිණ.
කෙසේ වුවත් පළමු පෝස්ටුව සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සිදුකළ මාධ්‍යවේදි නිරෝෂ් මෛත්‍රී Factcrescendo – Sri Lanka හි මේ ක්‍රියාවට විරෝධය දක්වමින් ඊට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගනු ලබන බව පවසා තිබිණ.
ඒ හමුවේ ක්‍රියාත්මක වූ Factcrescendo – Sri Lanka, තමන් flase information දැක්වූ තොරතුර සංශෝධනය කර fact check ද කියා තේරුම් ගැනීමට නොහැකි අසම්පූර්ණ සටහනක් එක්කර ඇත.
එහෙත් ඔවුන් අවම වෘත්තීය සදාචාරයක් දක්වමින් තම flase information අනාවරණය නිසා අපහසුතාවට පත්වූ පාර්ශ්වය වෙත ඇතුළු පරිශීලකයන්ට කණගාටුව ප්‍රකාශ කිරීමක් හෝ සිදුකර නොමැත.
ඔවුන්ගේ නවතම අනාවරණයට අනුව නම් ජනාධිපති මාධ්‍ය අංශය ද Factcrescendo – Sri Lanka වෙත සාවද්‍ය තොරතුරු සපයා ඇති බවයි. Factcrescendo – Sri Lanka ද ජනාධිපති මාධ්‍ය අංශය ලබාදුන් දුස්තොරතුර , වගකීමෙන් තොරව සමාජගත කර තිබේ.
වඩාත් බරපතළ කරුණ වන්නේ Factcrescendo දකුණු ආසියාවේ රටවල් කිහිපයක Facebook 3rd party fact checking service provider ලෙස කටයුතු කරන නිසාය. එසේම ඒ ඒ රටවල්වල ජන මතය හැසිරීමේ ප්‍රබල බලපෑමක් සිදු කරන්න මෙකී කටයුත්තේදී හැකියාව ඇති නිසාය. මේ සම්බන්ධව Meta ආයතනය ගන්න ඉදිරි පියවර ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අවධානයෙන් සිටිය යුතුව ඇත.
එසේම ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම Factcrescendo – Sri Lanka ද වෘත්තීයභාවය කෙළෙසාගෙන ක්‍රියාකර ඇති ආකාරය පැහැදිලි ය
ජනාධිපති සිය නිල ෆේස්බුක් පිටුවෙන්ම සීතාගෙන් ක#ක්#කා නේද යැයි අසයි.!