Home අද නව දේශපාලන සංස්කෘතිය දෝරේ ගලයි : ජන්දයෙන් පැරදුණ ප්‍රබල මාලිමාවකට තානාපති ධූරයක්

නව දේශපාලන සංස්කෘතිය දෝරේ ගලයි : ජන්දයෙන් පැරදුණ ප්‍රබල මාලිමාවකට තානාපති ධූරයක්

900
0

රාවය පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ මහින්ද රත්නායකට ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් තානාපති ධුරයක් පිරිනමා ඇතැයි මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය පවසයි.

මාධ්‍යවේදි සුනන්ද දේෂප්‍රිය මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

“මෙන්න ප්‍රවෘත්ති!

රාවය පුවත්පතේ ලේඛකයෙකු වන මාධ්‍යවේදී මහින්ද රත්නායක කියුබාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කර තිබෙනවා.” යනුවෙන් එහිදී සඳහන් කර තිබේ.

මහින්ද රත්නායක පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග කර පරාජයට පත් වූ අයෙකි.

කෙසේ වුවත් ආණ්ඩු බලය ගැනීමට පෙර ජාතික ජනබලවේගය පක්ෂය සිය ප්‍රතිපත්තිය ලෙස පවසා සිටියේ මැතිවරණ පරාජය ලබන අපේක්ෂකයන් ට රජයේ ඉහල තනතුරු දෙන දේශපාලන සන්තෝසම තමන් අවසන් කර නව දේශපාලන සංස්කෘතියක් ගෙනෙන බවයි.

එසේම රාජතාන්ත්‍රික සේවාව සඳහා දේශපාලන හිතවතුන් ඥාතීන් ආදී පිරිස් පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දැඩි විවේචනාත්මකව කලින් අදහස් පළ කළා මතකය.

වත්මන් රජය යටතේ විදෙස් සේවය දේශපාලනීකරණය කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය ද සිය විරෝධය දක්වා තිබේ.

Previous articleදළදා මාලිගාවවේ රන් පිළිම 28ක් අතුරුදන් කරලා – නිලංග දෑලබණ්ඩාරට එරෙහිව පැමිණිල්ලක්
Next articlePMD⁩ හෝදන්න ගිය Factcrescendo පවා පච වෙයි : දෙගොල්ලන්ම වෘත්තීයභාවය කෙළෙසාගනියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here