නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලේකම්වරයා වශයෙන් සිව් වසරකට ආසන්න කාලයක් තමන් සේවය කල අතර කිසිදු හේතුවක් නොමැතිව (05) දින සිට තමන්ව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය වෙත අනුයුක්ත කර ඇති බවහ් හිටපු නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ පවසයි .
තම සේවා කාලය තුල චක්‍රලේඛණ වලට පටහැනිව කටයුතු කර ඇති නම් ඒ සදහා සිදු කරන ඕනැම පරික්ෂණයකට වෙනත් කටයුත්තකට මුහුණදිමට තමන් සුදානම් බවත්, තමන් සිදු කර ඇති සැම කටයුත්තක්ම විනිවිදභාවයෙන් සිදු කර ඇති බවත් ඔහු පැවසීය.
නන්දන ගලබඩ මේ බව සඳහන් කර සිටියේ ඔහු විසින් සිදුකළ කීර්තිමත් සේවයට උපහාර පිදීමක් ලෙස ඊයේ (06) නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය මාධ්‍යවේදින්ගේ සංගමය විසින් සංවිධානය කළ උත්සවයක් අමතමිනි .
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නන්දන ගලබඩ කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරක ආකර්ශණයක් දිනාගෙන ඇති ප්‍රදේශයක් බැවින් තමන් ඒ සදහා උපරිම අයුරින් කටයුතු කල බවත්, ඒ සදහා සහය දැක් වු තම කාර්යාලයේ සියළුම නිලධාරින් සහ සේවයන්ට, සියළුම ප්‍රාදේශිය මාධ්‍යවේදින්ට, දේශපාලන අධිකාරියට සහ නන් අයුරින් උපකාර සියළු දෙනාට තමන් සිය ස්තුතිය පුද කරන බවයි.